එයාර්ටෙල් අලුත් බහුමාධ්‍ය පැකේජය බාගන්න

ඔන්න කාලෙකින් තමා පොස්ට් එකක් දැම්මේ


කට්ටිය දන්නවනේ එයාර්ටෙල් එකේ ලෝගෝ ඒක් ටියුන් ඒක් ඔක්කොම වෙනස් කලානෙ. ඔන්න ඉතින් ඒ අලුත් ලොගෝ එක සහිත වෝල්පේපර්ස් සහ ස්ක්‍රීන් සේවරයක් සමග අලුත් එයාර්ටෙල් ටියුන් එකේ සම්පූර්ණ සංස්කරණය පහල තියෙන ලින්ක් එකෙන් බාගන්න (3.43 MB) ...





1. Wallpapers
2. Ring tone (full)
3. Screen saver

Download Airtel Multimedia Pack




ඒ වගේම කියන්න දෙයක් තියෙනවා 

යාලුවෝ හැමෝටම
ලබන්නාවූ 2011 නව වසර සතුට සපිරි
සිතුම් පැතුම් ඔක්කොම එලකිරි වගේ ඉ‍ටු වෙන
සුබම සුබ නව වසරක් වේවා...!!!!

අරාබිය - ඩැඩී (Arabiya - Daddy)

ටික කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි උනා ..ඔන්න ඉතින් මන් අද කතා කරන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක් ගැන .. ඒ අපේ ප්‍රවීන ගායකයෙක් වන සුනිල් පෙරේරා මහත්තයාගේ පුතා ගයාන්ලාගේ ඩැඩී සංගීත කණ්ඩායමේ දෙවනි මියුසික් ඇල්බම් එක මේ ලඟදි එළිදැක් උනා... අහපු නැති අය ඉන්නවා නම් පහල ලින්ක් එකක් ඇති බාගෙන අහන්න ..
Download Arabiya full Album
සරා සිහින ඇල්බම් එකට පස්සෙ ටිකක් හිතට වැදුනු ඇල්බම් එකක් මේක . මොකද හැමෝම කරන පරිගනක මියුසික් අතරේ සජීවීව ගායනා කරන්න පුලුවන් සින්දු ටිකක් ඩැඩීලාගෙන් හැදිල තියෙනවා. ඩැඩීලාගේ අගය කලයුතුම කරුණ තමයි ඒක.

අරාබිය කියන පලවෙනි ගීතයම ටිකක් වෙනස් ආරකට ගැයෙන ගීතයක් . කතා වහරත් එක්කම කියවෙන ගීතය ඇත්තටම හොඳ වෙනසක්. කොහොම උනත් සාමන්‍ය කොල්ලෙකුට වෙන්න පුලුවන් සාමාන්‍ය සිදිධියක්. යාලුවො අතරෙ වෙන කතා බහකට සමානයි. බොලඳ නිසා ගීතයත් ඇත්තටම හිතට වදින ගීතයක් මොකද කලින් ගීතය වගේම මේ ගීතයත් සාමාන්‍ය මිනිහෙකුට ඇති වෙන හැඟීමක්  දෙවැනිද මගේ ආදරේ ගීතයත් පද රචනා ඇත්තටම ලස්සනයි ඒත් ඇඟට දැනෙන ගතිය අඩුයි.  කිවුවා බොරුවක් ගීතයත් අර කලින් බොරුකාරි වගේම ටිකක් ‍රැඩිකල් පද රචනාවක් සමඟම ටිකක් අමුතු සින්දුවක්. මා හා ගීතයත් ආදරේ ගැන ලියවෙච්ච හොඳ ගීතයක්. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ ඒකත් අර කලින් කියපු එක වගේම හිතට දැනෙනව අඩුයි ටිකක්. රෑ පුරා, රෑක, තවත් කෙනෙක්,යන්න යන්න , යෞවනයේ හැඟුමන් කියන ගීත ඔක්කොම  ගොඩක් හොඳ හිතට වදින ගීත මොකද ගීතයකින් බලපොරොත්තු වෙන්න ඕනේ රසවින්දනයනේ අන්න ඒ දේ උපරිමයටම තියෙන සින්දු ටිකක්. යෞවනයේ නම් ටිකක් පරන සින්දුවක් ඒත් සමස්තයක් වශයෙන් මේ කාලයේ එන සංගීත ශිල්පීන් කියාගත්තු බිස්නස් කාරයන්ට වඩා ඩැඩීලා අගය කල යුතු නිර්මාණ ‍රැසක් කරල තියෙනවා. දැන් එක සින්දුවක් කරල ප්‍රසිදිධ උන ගමන් කියන්නෙ අහ්හ් මගේ ඇල්බම් එක ලඟදිම එනවා කියල අන්තිමට ඇල්බම් එක සල්ලි දීල ගන්න මිනිස්සු ඒ අයගේ පරම්පරාවම මතක් කරනවා මොකද අහන්න පුලුවන් සින්දු තියෙන්නෙ එකයි නැත්තන් දෙකයි. ඒ වගේ උදාහරණ නම් අනන්තවත් ලඟදි දකින්න ලැබුනා. බොහෝ විට පියා ප්‍රවීණ ගායකයෙක් නිසා ලැබෙන අවවාද ඔවුන්ගේ සාර්තකත්වයේ රහස විදිහට හිතන්නට පුලුවන්. එක සින්දුවක් හිට් උනාම ඉන්ටර්නැශනල් උන හදාගන්නෙ නැතුව ඊට කලින් ලංකාවේ තැනක් හදාගන්නවා නම් ඉන්ටර්නැශනල් මාර්කට් මෙහෙට ගෙන්න ගන්න එක අමාරු නෑ.

වසරේ හොඳම බ්ලොග් අඩවිය One | Zero | Zero

ඊයේ 29/11 දින පැවැතුනු (එක් වරක් මහවැස්සකින් කල් ගිය)  "අසෙනිය කුසුම '10 "  රාජකීයන්ගේ කලා මංගල්‍යය අති සාර්තකව නිමා විය. එහි ප්‍රදාන ආරධිත අමුත්තා වූයේ ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා වන අතර එහිදී ශ්‍රීලාංකේය සිංහල බ්ලොග් කරුවන් ‍රැසක් ඇඟයීමට ලක්විය. ඒ අතර ප්‍රසිද්ධ බ්ලොග් අඩවි ‍රැසක් විය. ඒ අතරම වසරේ හොඳම බ්ලොග්බ් අඩවිය ලෙස One | Zero | Zero අඩවිය තේරී පත්ව්බිය. ඔවුන් හට මතක සිතුවිලි සුභ පැතුම් පිරි නමන අතර රාජකීයන්ටත් තව තවත් මෙවන් ඇගයීම් මගින් ශ්‍රී ලාංකේය බ්ලොග් කලාව ඉහලට ගෙන යාමට හැකියාව ලැබේවා යයි ප්‍රාර්තනා කරමු.


සිතුවිලි රේඩියෝ දියත් වූ වගයි.... (පරීක්ශණ විකාශය) කරුණාකර ප්‍රතිචාර දක්වන්න

සිතුවිලි මීඩියා මගින් ගෙන එන සිතුවිලි රේඩියෝ විකාශය දැන් ඇරඹී ඇත (පරීක්ශණ විකාශය) . ඔබගේ ප්‍රතිචාර දැක්වීම අපි ඉතා අගයකොට සලකන්නෙමු.වෙබ් රේඩියෝ කලාවට නව වෙනසක් - සිතුවිලි රේඩියෝ


සිතුවිලි අඩවිය මගින්ද පහත ප්ලේ ලිස්ට් ඔබගේ පරිගනකයේ ඇති මීඩියා ප්ලේයරයක්  මගින් විවෘත්ත කිරීමෙන්ද සවන්දිය හැක


Listen with Winamp/iTunes

Listen with Windows Media Player

රාජකීයෙන් රාජකීය වැඩක් ???

          ලංකාවේ පළමු වරට කොලඹ රාජකීය විද්‍යාලය මගින්පාසලේ 8000කට අධික සියළුම සිසුන්ට ගුරුවරුන්ට , දෙමාපියන්ට, ක්‍රීඩා භාර ආචාර්‍ය වරුන්ට හා සියළුම සංගම් වලටත් වෙන්වූ වෙනමම නිල ඊමේල් ජාලයක් හඳුන්වා දී තිබේ. සංවර්ධනය වෙමින් යන ලංකාවේ තොරතුරු තාක්ශණ ගමන් මගේ මේය නව සංධිස්තානයක් වනු ඇත. මෙමගින් දෙමවුපියන් හට සෘජුවම විදුහල්පති හෝ උප විදුහල්පතිවරයෙක් හෝ කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ද විය හැක එමගින් පාසල හා දෙමවුපියන් අතර ඇතිවන දුරස් භාවය අවම වනු ඇති අතර එමෙන්ම දෙමවුපියන්ට අවශ්‍ය ඕනැම ගැටලුවක් කිසිදි කරදරයකින් තොරව විදුහල්පතිතුමාගෙන්ම විමසිය හැක. මෙම වැඩපිලිවෙල බල ගැන්වෙනු ලබන්නේ ලොව ප්‍රදානම ඊමේල් ජාලය වන වින්ඩොස් ලයිව් මගිනි.

පසුගිය දින වල විවිධ මාධ්‍ය මගින් පාසල පැවැත්වීම් හා වෙනත් දේ පිලිබඳව සාවද්‍ය පුවත් පල වීම මේ වැඩසටහන කඩිනම් කිරීමට හේතුවී තිබේ... උදාහරණ ලෙස පසුගිය 19 වන දින පාසල නිවාඩු බව රජයේ නාලිකාවලම ප්‍රවෘත්ති විකාශ වල සඳහන් විය නමුත් ඒ වනවිටත් එවැනි තීරනයක් ගෙන නොතිබිනි නමුත් මෙවන් වැඩ නිසා පාසලේ ක්‍රියාකාරී දින අහිමි වීම වලක්වා ගැනීමත් විස්වාසදායි ලෙස සිසුන් , දෙමාපියන් අතර තොරතුරු හුවමාරු කිරීමට හැකිවීමටත් මෙසේ වැඩපිලිවලක් සකස් කොට ඇත



XXXXYYYY@Students/teacher/staff/clubs.Royalinfo.net

XXXX = ඇතුලත් වූ අවුරුද්ද 
YYYY = ඇතුලත්වීමේ අංකය 

ex :- 20004526@students.royalinfo.net

SLT මහා වංචාව....!!!!

මේ දින වල ADSL අන්තර්ජාල පහසුකම් වල වේගයේ අඩුවක් තියෙනවා කියල ගොඩක් අය කියනවා , ඒත් මොකද්ද මේකට හේතුව..???





 දැනගන්න හම්බෙලා තියෙන විදිහට එස් එල් ටී ආයතනය මඟින් එම ආයතනය හරහා පහසුකම් ලබාගත්ත අයගේ පාවිච්චිය සොයා බලලා තියෙනවා ඊට පස්සෙ ගිගා බයිට් 30 (30GB) ට වඩා පාවිච්චි කරල තිබිච්ච් අයගේ බ්ලැක්ලිස්ට් කරලා ඒ අයගේ වේගය සීමා කරල තියෙනවා, කොච්චර කෝල් කර කර කිවුවත් කිසිම වැඩක් වෙන්නෙ නැහැ. මේක 512, 1mb, 2mb  හැමෝටම පොදුයි.


හැමෝම මේ ගැන අවධානයෙන් හිටියොත් මේක ඉහලට දැනුම් දීල නීතිමය පියවරක් අරගෙන මේ වංචාව වලක්ව ගන්න්න පුලුවන් වෙයි


විස්තර හම්බුනේ ඩීජේ ‍රැම් ගෙන් ...

වැදි බණ කියූ ස්වර්ණවාහිනියේ දවසේ වැ‍රැද්ද..!!

නිතරම අනුන්ගෙ වැරදි හොය හොය යන ස්වර්ණවාහිනිය එහෙම නැත්තන් ශ්‍රී ලාංකේය විලිලැජ්ජාව, දැන් දැන් තම ප්‍රවෘත්ති විකාශයේ ප්‍රසිද්ධිය පමණක් අරමුණු කරගනිමින් ලැබෙන පුවත් ගැන අතිශයෝක්තියෙන් කියන්න පටන් අරගෙන. ඒත් ඒකෙන් වෙන්නෙ එන්න එන්නම ස්වර්ණවාහිනිය තව ත්යවත් මිනිස්සු අතර පිලිකුලට ලක් වෙන එකයි. එක ලඟම ලිපි දෙකකින් ස්වර්ණවාහිනිය විවේචනය කිරීමට සිදුවීම ගැන කණගා‍ටුවට කාරණයක්. ඒත් මේ තමුන් පාරිශුද්ධ කියල අනුන්ගේ වැරදි හොයන අයගේ වැ‍රැද්දක් තමයි ඔය පහල පේන්න තියෙන්නෙ.......


මොකද හිතන්නෙ..?? ලැජ්ජ නැති කම අර මොකද්ද එකටත් වඩා ලොකුයි කියන්නෙ ඕක තමයි. අනුන්ගේ වැරදි හොයන්න කලින් තමුන් නීත්‍යානුකූල වෙන්න ඕනා.

මෙගා ස්ටාර් මෙගා නාටකය අති (අ)සාර්තකව අවසන් වෙන ලදි...

ආරම්බ කර කාලයේ ඉඳලම මෙගා ටෙලියක් විදිහට කරගෙන ගියපු මෙගා ස්ටාර් ඊයෙ රෑ මෙගා ටෙලියක් විදිහටම අවසන් උනා. ටෙලියක් කිවුවේ මොකද කියල බලනව ඇති කට්ටිය ටෙලියක් කිවුවේ මුල ඉඳලම මිනිස්සුන්ගේ වලි බැලීමට තියෙන කැමත්ත මාකට් කරපු ස්වර්ණවාහිනිය අන්තිමටත් වලියක්ම මාකට් කරල ඉවර කරපු එක ගැන.

ඕනම මනුස්සයෙකුට තේරෙනවා අඩුම ගානේ අන්තිමයටවත් සුදුසු නැති අජිත් කවදාවත් වැඩිම මනාප ගන්නෙ නෑ කියල. මොකද මේ තරඟයේ ප්‍රභල  දේශපාලකයින් දෙදෙනුකුත් සිටියදී කොහෙත්ම අජිත්ට පළමු තැන ලැබෙන්න විදිහක් නෑ. මේක බොරුවක් කියන එක ඕනෑම ළදරුවෙකුට තේරෙනවා.

අනිත් එක පොඩි සෑකයක් තීයන්වා ස්වර්ණවාහිනිය ගැන මොකද අර දාපු වීඩියෝ එකේ වලිය අතරේ දාන මියුසික් එක ටිකක් වලි මියුසික් එකක් මොකද එහෙම දෙයක් වෙන්න නම් අනිවාර්‍යෙන් කලින් දැනෙගෙන ඉන්න ඕනා. නමුත් ඒ ගැන නම් හරියටම කියන්න අමාරුයි. වැඩසටහන ආරම්භයේත් තාත්වික විදිහට රන්ගනයක් තිබ්බ නිසා මේක ගැනත් සැකයක් හිතෙනවා මෙහෙම දෙයක් උනත් කරන්න බැරි කමක් නෑ කියල.

අවධානයෙන් සිටින්න..!!! බුදු සසුන විනාශ කිරීමේ කුප්‍රකට වෑයමක් හෙලිවේ..!!!



මෙය උපුටා ගැනීමකි - $hine -  18/10/2010
උපුටා ගැනීමට හේතුව
සම්මා සම්බුදු දහම වෙනුවෙන්
එහි ඉදිරි පැවැත්ම වෙනුවෙන් පමණි




මේ ගෞතම බුද්ධ ශාසනයයි.බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අදටත් විරාජමානව වැඩ සිටී. විශාල පිරිසක් ඒ උතුම් සද්ධර්මයෙන් අදටත් ප්‍රයොජන ගනිති. ශ්‍රී සද්ධර්මය විමසන ඕනෑම අයෙකු එහි ඇති පරම ගම්භීර ස්වභාවය වටහාගැනීමට ස්වභාවයෙන්ම සිදුවන්නකි. මේ මහා භද්‍ර කල්පයට සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේලා පස් නමක් පහල වන බව ධර්මයේ සඳහන්වේ. මේ උන්වහන්සේලාගෙන් සතර නමක් මේ වනවිට පහලවී දහම් මඟ හෙලි කර පිරිණිවන් පා අවසන්ය. උන්වහන්සේලා නම් වශයෙන් දක්වන්නේ නම් කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෝතම (ගෞතම) නම් තථාගත වු අරහත් වූ සම්මා සම්බුදුවරුන්ය. මේ වන විට බබලන්නේ අපගේ අමා මෑණී වූ ගෞතම සර්වඥයන් වහන්සේගේ බුද්ධ ශාසනයයි.


අනාගතයේදී පහලවීමට නියමිතව ඇත්තේ මෛත්‍රී තථාගතයන් වහන්සේගේ බුද්ධ ශාසනයයි. එම බුද්ධ ශාසනය පහලවීමට තව ඇත්තේ සුලුපටු කාලයක් නම් නොවේ. ඒ සඳහා තවත් කල්ප ගනනක් ගත වන්නේය. කල්පයක් සඳහා අවුරුදු මෙපමණකැයි කිව නොහැකිය. තථාගතයන් වහන්සේ කල්පය යන්න පහදා දී ඇත්තේ මේසේය."යොදුනක්(යොදුනක් යනු සැතපුම් දහසයකි) දිග, යොදුනක් පලළ, යොදුනක් උස වන පෙට්ටියකට අබ ඇට පුරවා, අවුරුදු සියයකට වතාවක් එක් අබ ඇටය බැගින් ඉවත් කලවිට එම පෙට්ටිය අබ ඇටවලින් හිස් වීමට යම් කාලයක් ගතවන්නේද කල්පය යනු ඊටත් වඩා දීර්ඝ කාලපරිච්ඡේදයකි" යනුවෙනි.

පාසල් සිසුන්ට පෙම් කිරීම තහනම්ද?

සුලඟේ පාවී ඈ වෙත යාවී මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්

පාසැලේදී මා දිහා නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා නෑ සැබෑ වුනේ

ගී පොතේහී මා ලියූ සෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින් හෙලූ බැලුම් ප්‍රියේ

අහිංසක හදවත් දෙකක ඉපදුනු ආදරයක් දෙස දයාවෙන් බැලිය නොහැකි ලෝකයක අප ඉපදුනේ ඇයි . ..
ආදරය කුළ මල දේපල වස්තුව උස් පහත් කම් කිසි දෙයක් නොසලකන බව මේ වැඩිහිටියෝ එයාලගේ තරුණ කාලේදී වත් හිතලා නැද්ද . . .
මේ වගේ කුරිරු මෝඩ සමාජෙක නැතුව ආදරයට අදරයෙන් ආදරය කරන ලස්සන සමාජෙක නැවත් අපි දෙන්නත් ඉපදී එහිදී යලි හමුවෙන්නත් අපි ප්‍රාර්ථනා කරගෙන වෙන්වීම හර අපිට වෙන විකල්පයක් ඇද්ද . . . ?

පාසල් ප්‍රේමය කිවුවම හැමෝගෙම හිතට පුන්චි දුකක් එක්ක සුන්දර මතකය්ක් එනව ඇති. ඇත්තටම පාසල් කාලයේ ප්‍රේම සම්බන්දකම් ඇතිකරගන්න එක හරිද? අපි පොඩ්ඩක් හිතල බලමු.

පාසල් පොත් බෑග් මාරයා..!!

පාසල් පෝත් බෑගය , මේ මාතෘකාව ගැන වැඩිය කතා බහට ලක් වෙන්නෙ නම් නෑ ඒත් දැන් ටිකක් කාලෙකට කලින් රජයෙන් කිවුවා ඒත් මේ වනතුරුත් මේ ගැන කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නම් නෑ. පුන්චි ළමයි තාමත් ල්ළමය වගෙ දෙකක් විතර බර පොත් මල්ලක් උස්සගෙන තම පාසල් යන්නෙ. ඒත් හරිඔයටම බැලුවොත් ඔය ගෙනියන පොත් ප්‍රමාණයෙම දවසක වැඩ කෙරෙනවද කියල සාධාරණ සැකයක් මතු වෙනව. කෙසේ වෙතත් මේ වගේ වගකීම් රහිත වැඩ වලින් වෙන්නෙ අහින්සක පුන්චි ළමයි මල් වගේ පුන්චි වයසෙදිම රෝගී වෙන එක. රටේ අනාගතය රෝගීන් පිරිසක් උනොත් රටේ අනාගතයට මොකක් වෙයිද?

Sara Sihina - BnS FREE Download full album....!!!!!

ඔන්න මට ටික කලෙකින් බ්ලොග් එකට පොස්ට් එකක් දාන්න බැරි උනානේ . ඉතින් ඔන්න මම අද සිතුවිලි අඩවියෙන් අරගෙන අව හැමෝටම පුන්චි තෑග්ගක්. මේක භාතිය සන්තුශ් ලගෙ අලුත්ම ඇල්බම් එක උනු උනුවේ... සරා සිහින තමයි මේකේ නම. ඇල්බම් එක නම් මෙගා බයිට් 89යි, බාගෙනම බලන්නකො කොහොමද ඇල්බම් එක කියල පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් බාගන්න මීඩියාෆයර් එකට තමයි දාල තියෙන්නෙ. මතක ඇතුව ප්‍රතිචාරයකුත් දීලම යන්න.....



මෙතනින් බාගන්න මෙන්න ලින්ක් එක
Download sara sihina by BnS full album FREE
විශේශ ස්තූතිය - Http://AlbumsLK.tk

ලයිසන් ගන්න යන්න කලින් මේකත් බලන්න. හරියටම දැනගෙන හරිමග යන්න..!!!

පසුගිය දවසක මම ගියා වේරහැර RMV එකට. මගේ ලයිසන් එකේ වැඩකට. එතනට ගියාම මට තේරුම් ගිය දෙයක් තමයි ගොඩක් මිනිස්සු නොදැනුවත් කම නිසා බොහෝ අපහසුතා වලට පත් වෙනවා. ඒ වෙලාවේ මට හිතුනා මට පුලුවන් තරමින් දැණුවත් කිරීමක් කරා නම් හැමෝටම වැඩක් වෙයි කියන එක. ඒ නිසා හිතුවා ත්‍රෙඩ් එක කරන්න. එහෙනම් ඔන්න වේරහැර වැඩ සිද්ධවෙන පිලිවෙල.
http://t2.gstatic.com/images?q=tbn:fjrmdJq4D7oMTM:http://www.lankanewspapers.com/news/members/space/news_images/big/kotia_news_1238096771829.jpg&t=1
මේ පින්තූරේ මම ගත්ත එකක්. ඔය තියෙන්නේ වේරහැර RMV එකේ පෝලිම. මුලින්ම පෝලිම ගැන කතා කරමුකෝ. මේ පෝලිමට මිනිස්සු එන්නේ පාන්දර 4 ඉඳලා. මේ පෝලිම සතියේ දවස් 5 ම එකම විදිය. සඳුදාටයි සිකුරාදාටයි පෝලිමේ සෙනඟ වැඩියි. ඒක නිසා මොකක් හරි වැඩකට RMV යනවා නම් ඔය දවස් දෙක අතඇරලා යන එක හොඳයි.

මෙන්න ලංකාවේ ප්‍රථම නොමිලේ ලබාදෙන ඩිජිටල් සඟරාව | Much More Magazine |

නොමිලේ..!!නොමිලේ..!!නොමිලේ..!!ඹයාලා දන්නවත් ඇති නොදන්නවත් ඇති දෙයක් ගැන අද මං කියන්න යන්නේ. ලංකාවේ ඩිජිටල් මැගසින් ගැන ඹයාලා දන්නවනේ මං දන්න විදියට නමි දෙකයි තියෙන්නේ අර රේ මැග් එකයි එක කොපි කරල හදපු රු මැග් එකයි... ඒත් දැන් නමි මේ දෙකෙන්ම වැඩක් නැ.. මෙවට හොද උත්තරයක් දෙන්න අලුත් මැග් එකක් ඇවිල්ලා තියනව කාටත් හොරෙන්.. |Much More |Magazine| (මච් මෝර් ඩිජිටල් මැගසින්)එක 

දේශපාලන බබාලන්තය හා පබාගේ බබා පාට් එක


දැන් අපේ රටේ දේශපාලන බබාලන්තය කනපිට හැරවී ඇත, එය කෙසේ උනාද කියන එක නම් බොහෝ දෙනෙක්ට වගේම මටත් හිතාගන්න අමාරුයි. නමුත් මේ සියල්ලම පි‍ටුපස ඉන්නේ කවුද කියා සිතා ගැනීම නම් අපහසු නොවේ. ඒ වෙන කෞරුත් නොවේ අපේ ජනාධිපති බබා හෙවත් අපේ මහින්ද මාමාය. ජනාධිපති බබා අපේ බබාලන්තය කනපිට හරවා ඇත. මුලින් පු‍ටුව කැලයට දමා බුලත් කොලයක් ගෙනාවේය, දැනට වසර 59ක් වන නිදහස් පක්ෂයේ මුල් සෙලවී ගොස් ඇත. බලයට පත්වී ලංගම කහ කුරුල්ලෝ රතු පාට කලේය. මත්පැන් දුම්වැටි දැන්වීම් සහිත දැවැන්ත පුවරු ගැලවිනි. සීනුවේ යට කෑල්ල ගලවාගෙන රතු බබාලා දික්කසාද කලේය. විපක්ෂ බබාලාගේත් බාගයක් විපක්ෂයටත් නොදැනීම ගලවාගත්තේය. විපක්ෂයේ දළ ඇත්තු දැන් මහින්ද මාමා ලඟ දණ ගසා පූස් පැටවු වී ඇත.
එමෙන්ම පසුගිය ඡන්දයෙන් බබා කතා කියන්මින් බබෙකු සේ හැසිරුනු අපේ පබා නංගිත් ඊයේ අපේ අහින්ද මාමා ලඟ පූස් පැටියෙක් වගේ සිටියේය. මේවා දැක්කම ඉතින් ජනතා බබාලා අනිත් පැත්තෙන් හිනා වෙනු ඇත.

මහින්ද මාමාගේ තේ එක බොහෝ දෙනාගේ කතා බහට ලක්ව ඇත. ඔය තේ එක බිපූ බොහෝ දෙනා ජනාධිපති බබාට වශී වි තිබේ.( විපක්ෂ නායක බබාටද සෙල්ලම් කාර් එකක් දුන්නනෙ මහින්ද මාමා දැන් එයා ඒකෙන් සෙල්ලම් කරනව මෙලෝ සිහියක් නෑනෙ.) ලොකුම විහිලුව වී තිබෙන්නේ මෙතෙක් කල් ආණ්ඩුව දූශිතයි කිය කියා සිටි පබා නංගිත් බබා වගේ

පළතුරු කන්න කලින් පොඩ්ඩක් මේකත් බලන්න...!!!!!



බලන්න හන්දියක් ගානේ පලතුරු කඩ තියෙනවා අපේ අය දැකලා ඇතිනේ, ඒවායින් පලතුරුත් ගන්නවා ඇතිනේද....? මේකත් සිතා බලන්න...

ගොඩක් පලතුරු ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, මැලේසියාව වගේ රටවල් වලින් මෙහාට ගේන ඒවා.

බලන්න, මිදිගෙඩියක් දැන් ගොඩක් ලොකුයි නේද?
ගස්ලබු ගෙඩියක ඇටයක් තියෙනවද? පොත්ත ගොඩක් ඝණමයි නේද?
දොඩම් ගෙඩිවලත් බීජ නෑ නේද?
රඹුටන් ගෙඩියක් ඉතාවිශාලයි, එහෙත් ඇතුලේ කොටස කුඩායි.
ටිකක් අසාමාන්‍යයි නේ, ඇයි කියලා හිතුවද...?

දුමින්ද සිල්වා කුඩු ව්‍යාපාරිකයෙක්??


මේ දින වල ඉතා නිහඬව සිටින (නුගේගොඩ කාර්‍යාලය වසා ඇත , සුභසාදන කටයුතු නවතා ඇත.)  පාර්ලිමේන්තු නවක මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මෙසේ සිටීමට හේතුව ඔහුගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් හසුවීම නිසා බවට රාවයක් පවතී. එමෙන්ම ජනාධිපති නියෝගයෙන් එය යටපත් කල බවටද  එපමණක් නොව ජනාධිපති තුමා දුමින්ද සිල්වා මහතාට  " තමා සමග සෙල්ලම් නොකරන ලෙසට" තරයේ අවවාද කල බවටද ආරන්චි වේ.  මන්දයත් ABC broadcasting  (හිරු , ශා, ගෝල්ඩ් , සන්) රේඩියෝ නාලිකා සියල්ල  මොහු විපක්ෂයේ සිටී කාලයේ වැරදි ප්‍රවෘත්ති විකාශය කිරීමක් සම්බන්දයෙන් සීල් තැබූ අතර මොහුගේ සන්ධාන ආගමනයත් සමඟ ජනාදිපති නියෝගයෙන්ම මේව නැවත විවෘත්ත උනි.

සිරසේ චමත්කාරය කාන්තා පරපුර වනසයිද?

මේ දවස්වල දොලොස්මහේ පහනද මොකද්ද එකේ විකාශට වෙනව අමුතු විදිහෙ වැඩ සටහනක්. සෙනසුරාද උදේ තමා මේක විකාශය වෙන්නෙ මේ වැඩ සටහනේපැහැදිලි අරමුණක් නැති උනාට මේකෙන්  කාන්තා පරපුරට යම් හානියක් වෙන්න නම් පුලුවන් කියල පේන නිසා තමා මේ ගැන ටිකක් කතා කරන්න හිතුනේ.



මෙකේ තියෙන ප්‍රදානම අංගය තමයි , මෙයාල යනවා ටිකක් ලස්සන, වැඩිය සල්ලි එහෙම නැති, ඒ කිවුවේ සරලවම කිවුවොත් වැඩිය මොඩ් නැති කෙල්ලෙක් හොයාගෙන. ඊට පස්සෙ ඉතින් සති දෙකක් මෙයාව  තියාගෙන මොඩ් කරනව. මොඩ් කරනව කියල කරන්නෙ , ටික කාලයක් ප්‍රසිද්ධ වෙල හිටිඅපු බොරු සාත්තර කාරයෙක් මෙයාට ජීවිතෙ ගැන කියල දෙනව. කොටින්ම කිවුවොත් වෙන්නෙ මෙ අහින්සක කෙල්ලව මුරුන්ග අත්තෙ  උඩින්ම තියනව. කෙල්ලත් ඔලුව වන වන පිලිගන්නවනෙ.

උසස්පෙළ ජීවවිද්‍යා ප්‍රශ්ණ පත්‍ර පිටවෙලා

අපොස උසස්පෙළ ජීවවිද්‍යා ප්‍රශ්ණ පත්‍ර පිටවෙලාද?


ජීවවිද්‍යා ප්‍රශ්ණපත්‍රයට පෙරදිනයේ SMS  පණිවිඩ මාර්ගයෙන් යම් යම් ප්‍රශ්ණ පිලිබඳ තොරතුරු හුවමාරු වී තිබේ. එමෙන්ම යම් යම් ප්‍රශ්ණ පිලිබඳ විස්තර කොලඹ උසස් බාලිකා විද්‍යාලයක සිසුවියන් අතර හුවමාරු වී ඇත. මෙතරම් ආරක්ෂිත යයි අධ්‍යාපන අමාත්‍යංශය පුරාජේරු කියන විභාග ප්‍රශ්ණ පත්තර පිලිබඳ මෙතරම් රහස්‍ය තොරතුරු විභාගයට පෙර සිසුන් අතට පත් වූයේ කෙසේදැයි අපි විමසා බැලිය යුතු වේ.

මීට පෙර ගුරු සංගම් වලින් මෙහි අවදානම පෙන්නුම් කලත් රජයේ මාධ්‍ය ආයතන මෙන්ම රජයද කලේ ඔවුන් හාස්‍යට ලක් කිරීම පමණි. මේ හෙලි වූ ඉතා සුළු තොරතුරක් පමණි මීට වඩා තවත් බොහෝ දේ සිදුව ඇති බවට සැකයක් නැත.

පාසල් නිල ඇඳුම ගලවා ළමාසාරියක් අන්දලා..???

මට මේ කතාව කියන්න හිතුනේ අහම්බෙන් දු‍ටු සිදුවීමක් නිසා.  මොකද්ද කියනව නම් නුගේගොඩ හරියෙ ප්‍රසිද්ධ  බාලිකා විද්‍යාලයක සීල ව්‍යාපාරයක් දැකලා. වෙනදා සුදු ගවුම දනිස්ස වැහෙන්න ලස්සනට සංවරව අඳගෙන ගිය ලමයින් සිල් දවස වැනි සංවරව සිටිය යුතු දවසේ එක් පසකින් ඔන්න මෙන්න විවෘත්ත වන සුලු ඇඳුමක් නාභියද එලියේ දමාගෙන සිටීම අපගේ සංස්කෘතියේ නැවතත් හැරී බැලිය යුතු තැනකි. මෙක ගැන මීට ටිකකට කලින් එලකිරියෙ ඉන්න ශම්මීත් කතා කරල තිබුන මට මතකයි.





අශාන්තිගේ පපරේ ලාංකීය මියුසික් වීඩියෝ කලාව හෑල්ලුවට ලක් කිරීම

මම මේ ලිපිය ලියන්න හිතුවේ "අශාන්තිගේ පපරේ වීඩීයෝව දැක්කට පස්සේ" අපි පොඩ්ඩක් මේ  ගැන සොයා බලමු
.
ලංකාවේ මියුසික් වීඩියෝ කලාව යම් ප්‍රමිතියකට කරන්න පටන් ගන්නේ භාතිය හා සන්තුශ් දෙපලයි. ඒ "නේත්තරා" මගිනි. ඒය රසිකයන් අතර මහත් ආන්දෝලනයකට පත් වෙමින් වසරකට ආසන්න කාලයක් ගීත දර්ශක වල ‍රැඳී තිබිනි.  ඉන් පසු "අහන්කාර නගරේ" කරමින් ඉරාජ් වීරරත්නද  ලාංකීය මියුසික් වීඩියෝ කලාවට අලුත්ම ආරක් හඳුන්වා දුන්නේය. එයින් පසු දිගින් දිගටම යම් තාක් හොඳ ප්‍රවනතාවයකින් දියුනු වෙමින් ආ මියුසික් වීඩියෝ කලාව මීට ටික කලකට පමණ පෙර උච්චතම අවස්තාවට පත් විය. ඒ මිට පෙර ලාභදායී මියුසික් වීඩියෝ කලාව කරගෙන ආ කලා කරුවන්ට තවත් ආදර්ශයක් දෙමින් " ‍රැස් විහිදෙන සමනලියක්" කරමිනි. අධික වියදමක් කරමින් කල මෙම වීඩියෝවට මල් මෙන්ම ගල් ප්‍රහාරද එල්ලවීමේ අඩුවක් නොතිබිනි. මන්ද යත් මේ ලංකාව බැවිනි.


බ්ලොග් එකේ සිංහල අකුරු පොඩි වැඩිද? මෙන්න විසඳුම

අපේ සිංහල බ්ලොග් කරුවන්ට වගේම කියවන අයටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සිංහල අකුරු ලොකුවට පෙන්නෙ නැති නිසා පැහැදිලි නැති එක. එකට ඔන්න මන් හොඳ විසඳුමක් ගෙනාවා...


Firefox


Softonic rating:




Very good
8/10







ඒ තමයි ෆයර්ෆොක්ස්ලගේ 4.0 කියන වර්ශන් එක ඒත් මේක තාම බෙටා මට්ටමේ තියෙන්නේ ඒත් මේකේ කියන්න තරම්ජ් වරදක් නෑ ඒ වගේම ෆයර්ෆොං පරණ එවට වඩා ෆාස්ට්. ඒ වගේම සිංහල අකුරුත් පැහැදිලිව කියවන්න පුලුවන්

Download

මේක බාගෙනම බලන්නකො කොහොමද කියල. බලල කමෙන්ට් එකකුත් දෙන්න අමතක කරන්න එපා

මියුසියස් සමනලිය වියෝවී හෙටට වසරයි..!!



මීට හරියටම  වසරකට විතර කලින් කාගේත් හිත් කම්පා කරවපු පුවතක් අහන්න ලැබුනා. ඒ මියුසියස් විද්‍යාලීය ශිෂ්‍යාවක් තම ටයි පටියෙන් ගෙල වැලලාගත් පුවතයි. මෙය දැනගත් බොහෝ දෙනා දැනගත් විගස අනේ අපොයි..!! කිවුවත් මේකට හේතුව හොයල එවගේ දේවල් නැවත නොවෙන කරයුතු කලාද කියන එක අපි හිතල බලන්න ඕනේ. සමහරක් දෙනා මෙම පුවත ගැන කියන්නේද මහත් සමච්චලයෙනි, ඇත්තවශයෙන්ම එය එසේ විය යුතුය මන්දයත් තම ජීවිතය නැතිකර ගැනීම වීර කමක් නොව නිවට කමක් බැවිනි.


ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය යටතේ හෝ පෞද්ගලික පාසලක තම දෙමවුපියන්ගේ වියදමින් අධ්‍යාපනය ලබාගත් විට තම ජීවිතයේ අයිතිය ඔබට පමණක් නොව රටටද හිමිවේ. මන්දයත් රජයේ පාසලක ඔබට අධ්‍යාපනය ලබා දෙන්නේ රටේ ජනතාවගේ මුදලිනි. ඔබ එසේ ලබාගත් අධ්‍යපනයට පෙරලා රටට යමක් කිරීම ඔබ සතු යුතුකමක් නොවේ, එය සැබැවින්ම වගකීමකි.

අංක එකේ නාලිකාව ජාතික නාලිකාවද ? පවුලේ නාලිකාවද?

http://www.lankavision.com/images/itn.gif
අද වන විට තිබෙන නාලිකා සියල්ලම පාහේ තමුන් අංක එක බවට පවසිමින් තමන්වම  මුරුංගා අත්තේ තැබීමට පටන්ගෙන තිබේ. ඒ අතරින් ඉතා හාස්‍යජනකම අවස්තාව වන්නේ ස්වාධීන රූපවාහිනිය අංක එක යැයි කියා ගැනීමයි. පෙරපාසල් දරුවෙක් වත් ඔය බොරුව පිලිගන්නේ නැත. බොහෝ නිවෙස් වල ස්වාධීන(යයි තමුන්ම කියාගන්නා) රූපවාහිනිය සුසර කරන්නේද නැත. මන්ද යත් එය සුසර කරන්නට ගත කරන කාලයද අපතේ යන බැවිනි. ලංකාවේ පළමු නාලිකාව මෙන්ම  රාජ්‍ය නාලිකාවක් බැවින්ද අද වන විට මෙය ඉතා සාර්තක නාලිකාවක් විය යුතුය. එහෙත් එය එසේ නොවීමට හේතුව කුමක්ද? මදක් සිතා බැලිය යුතුය මන්දයත් පාඩු විඳිමින් ITN එක වියදම් කරන්නේ ජනතාවගේ මුදල් බැවිනි.
ඡන්ද කාලයේ කඩේ යාමේ  මහගෙදර ලෙස කටයුතු කරමින් ජාතික රූපවාහිනිය සමඟ කරට කර සටනක් දුන් ITN එක අද වන විටද එහි වෙනසක් නොකරමින් දිගටම කඩේ යාමින් සිටී.

කවුද මේ සන්නස්ගල.???


කවුරුත් කතා කරන, කවුරුත් අගය කරන , සමහරු බනින "අපේ සිංහල පන්තියේ" සින්හල සර් උපුල් ශාන්ත සන්නස්ගල ලියපු ඔහුගේ මේ ජීවන කතාව. කියවන්න ඔබේ ජීවිතයටත් දෙයක් එකතු
කරගන්න.

මගෙ අම්මව මට මඟහැරුණා...
ඒ දුක මේ ආත්මයේදී ගෙවන්න බැහැ
උපුල් ශාන්ත සන්නස්ගල

උපුල් ශාන්ත සන්නස්ගල මේ රටේ ජනප්‍රිය උසස් පෙළ සිංහල ගුරුවරයකු බව අවිවාදිත කරුණකි. එසේම විදග්ධ සංස්කෘතිය යනු කුමක්දැයි යන විනිශ්චයේ දී බොහෝ කොට බැණුම් අසන ලද්දෙකි.
මුල් කාලයේ අතිශය දරිද්‍රතාවෙන් පෙළුණු සන්නස්ගල කොළොම්තොට පාදඩයන් අතරේ ද කලක් ජීවත් විය. ලෝකය හා ජීවිතය වඩාත් සුන්දර තැනක් කිරීම අරබයා අදත් වැර වෑයමක යෙදෙන ඔහු

තම මෑණියන් පිළිබඳ ‘මතකය’ මෙසේ අව්‍යාජව හෙළිකරයි. අපි සරල කටවහරින් කැරෙන මෙබසට ඇහුම්කන් දෙමු.


පාසල් වල් බිහිවීම හා පෞද්ගලික පංති

අද වන විට පෞද්ගලික පන්ති හෙවත් ටියුශන් කඩ හතු පිපෙපෙන්නා සේ මතු වී ඇත.
මෙයට හේතුව කුමක්ද.? අපි මදක් සිතා බැලිය යුතු නොවේද.? නිදහස් අධ්‍යාපනය යටතේ සියලු දෙනාට නොමිලේ අධ්‍යාපනය ලබාදීමේ ක්‍රමවේදයක් පැවතුනද සියලු දෙනාගේ යම් යම් දුර්වලතා නිසා මෙවැනි තත්වයක් උදාවී ඇත.



අපි මෙවන් හේතු කිහිපයක් විමසා බලමු

රියලිටිය නාට්‍ය කරණය කිරීම


         සිරස සුපර් ස්ටාර් මගින් ආරම්බ වුනු රියලිටි ‍රැල්ල අද වන විට අත්හදා නොබැලූ නාලිකාවක් නැති තරම්ය...ඩ්‍රීම් ස්ටාර් , ඩාන්සින්ග් ස්ටාර්, සිඟින් ස්ටාර් ,ශ්‍රීලන්කන් ලයිෆ් .. ඔය වගේ විවිදාකාර නම් වලින් තරු පායන්නට විය... එහෙත් දුකට කාරණය වන්නේ අද වන විට ඉතිරිව සිටින්නේ කාගේත් අවදානයට හා දෝශාරෝපණයට ලක් වූ ශිහාන් පමණක් වීමය.. සිටියද අනිත් අය එතරම් ජනප්‍රිය නොවීය. ඔවුන්ද හුදෙක් සෝඩා බෝතල්ම විය.

කෙසේ වෙතත් සිරස විසින් කල රියලිටිය අද වන විට ස්වර්ණවාහිනිය විසින් ඇදගෙන නාගෙන ඇති බවක් පෙනේ.මෙය ආරම්බ කරේ සින්ගින් ස්ටාර් මගීනි. කිසිදු දක්ශතාවයක් නොමැති තුට්‍ටු දෙකේ තරඟ කරුවන් ‍තෝරා ගැනීම මෙයට හෙතුවක් විය. අවසානයේ මෙම වැඩ සටහන් පටිගත කර විකාශය කරන්නටත් විය. ඒ මන්ද යත් වේදිකාව උඩදී නිවැරදිව ගීතයක් ගායනා කිරීමට නොහැකි බැවිනි. එයට විකල්පය වූයේ ශබ්දාගාරයක පටිගත කොට වේදිකාව උඩදී එය මිමිනීමට කටයුතු කිරීමයි.


මතක සිතුවිලි ගැන


මතක සිතුවිලි, නම අහපු ගමන් හිතෙනව ඇති තවත් බ්ලොග් කාරයෙක් කියලා. ඔව් තව්ත් බ්ලොග් කාරයෙක් තමයි ඒත්, සමාජයේ කතා කරන්න ඔනේ උනත් කතාකරන්නෙ නැති දේවල් ගැන කතාකරන බ්ලොග් කාරයෙක්. කාටවත් මඩ ගහන්නවත් කාටවත් කඩේ යන්නවත් නම් නෙමෙයි මේක පටන්ගන්නෙ, කතා කරන්න ඔනේ දේ ගැන කෙලින් කතා කරන්න , ඒ වගේම සමාජයේ සංස්කෘතික වෙනසක් වෙනුවෙන් සමාජ මතවාදයක් ගොඩනගන්න. ඒකයි අරමුණ.  මෙතැන් පටන් ඔබට විවෘත්තයි " මතක සිතුවිලි " . ස්තූතියි..!



Sithuwili Radio