YFM කාර්ය මණ්ඩලයේ හා ශ්‍රාවක ඔබේ අවධානය පිණිසයි

ඔන්න දැන් ටික කාලෙක ඉඳලා ඇඩ්වර්ටයිස් කරගෙන යනවා "වයි එෆ් එම් රිලැක්ස් පාර්ටි" මේකෙ ඇත්තටම රිලැක්ස් වෙන්න පුලුවන්ද? ඔන්න ඕක තමයි ලොකුම ප්‍රශ්නෙ. මේ එන්න කියන්නෙත් මේ අවුරුද්දෙ ඒ ලෙවල් ලියපු අපේ අලුත්ම තරුණ පරම්පරාවට. එහෙම එන්න කියන්නෙ වගකීමක් ඇතුවද? කොහෙත්ම නෑ. හැමදාම රිලැක්ස් කියලා ඔතනට එන්නෙ බීගෙන කුඩු , ගන්ජා පාවිච්චි කරලා මත් වෙලා ඉන්න අමු රස්තියාදුකාර කණ්ඩායමක්. ඔතනට ගෑණු ලමයෙක්ට යන්න පුලුවන්ද? ඒ උනාට කියන්නෙ කොහොමද? එන්න එන්න අපි අරවා දෙනවා මේවා දෙනවා කියලා. වයි එෆ් එම් ඔය සෙල්ලන් දාන්නෙ ආදරේට නෙමෙයි එයාලට ඕන තරම් අනුග්‍රාහකයො ඉන්නවා ඔය අලුතෙන්ම එලියට බහින කොල්ලො කෙල්ලො ටික අල්ලගන්න බලාගෙන තමුන්ගෙ ව්‍යාපාර වලට. ඒ නිසා මේ වගේ දේකට සල්ලි වලින් නම් කිසිම අඩුවක් වෙන්නෙ නෑ. ඒ නිසා කිසි බයක් නැතුව හැම අවුරුද්දෙම සන්විධානය කරනවා. නමුත් මේ කියන්නෙ "වයි එෆ් එම් "" ඔබට! සන්විධානය කරාට කමක් නෑ තරුණ ජීවිත විනාසයට ඇදලා දාන්නෙ නැතුව පොඩ්ඩක් ඔය ඇතුලට එන අය දිහා බලන්න. බල්ලයි කොල්ලයි ඔක්කොම ඇතුලට දාගන්නෙ නැතුව. මාධ්‍ය ආයතනයක්නෙ කොන්දක් තියෙනවනෙ කියන්න බීලා එන්න එපා අපි එහෙම අයව ගන්නෙ නෑ කියලා. මට නම් කිසිම වෙලාවක එහෙම එකක් ඇහුනෙ වත් නෑ. වයි එෆ් එම් තරුණෑ සලකුණක් "යූත් අයිකන්" එකක් වෙලා ඉවරයි. ඒක ඇත්ත නමුත් ඒ අයිකන් එක උනත් රටට වැරදි දෙයක් දෙන්න හදනවා නම් ඒක වැරදියිම තමයි. දෙන්න රටට හොඳ දෙයක්  හැමදාම මිනිස්සු ඔයාලා ලඟම ඉඳීවී.

වයි එෆ් එම් කාර්ය මණ්ඩලයේ අවධානය පිණිසයි.......

රත්මලානේ මහරාජාගේ සිරස කුණු ගොඩ


මීට වසර කිහිපයකට කලින් රාජ්‍ය නාලිකා තමුන්ගෙ බූදලයක් වගේ තියන් හිටිය ප්‍රවෘත්ති විකාශ වෙනස් කරන්න සිරස මුල් උනා කිව්වොත් හරි.  "සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට" කියලා තමයි ඔන්න ඉතින් ඔය නිව්ස් ෆස්ට් කියන එක පටන් ගන්නෙ. රාජ්‍ය මාධ්‍ය පොර ටෝක් දුන්නට ඔය නමට ටිකක් බය උනා. ජාතික රූපවාහිනිය එහෙම මාස්ටර් ප්ලෑන් හැදුවා නිව්ස් ෆස්ට් වෙන්න. කොහොම කොහොමහරි "විමර්ශණ" කොටසෙන් සිරස හැමදාම කොහෙ හරි අඩු පාඩුවක් හොයාගෙන පෙන්නලා පට්ට කට්ටක් කාලා නිව්ස් ටීම් එක සෑහෙන්න මහන්සි වෙලා ලන්කාවෙ අන්ක එකේ ප්‍රවෘත්ති විකාශය සිරස නිව්ස් ෆස්ට් කරගත්තා. බොහොම ටික කාලෙකින් සත්‍යයේ ප්‍රතිමූර්තිය විදිහට මිනිස්සු සිරස විශ්වාස කලා. සිරස කිව්වොත් ඉර පායන්නෙ බස්නාහිරින් කියලා ඒකත් අපේ උන් විශ්වාස කරන තරම්. ටිකෙන් ටික සිරස නිව්ස් ෆස්ට් වටා රොද බැඳුනු කට්ටිය වැඩි වෙලා තමුන්ට ප්‍රේක්ෂක බලය ගොඩනැගෙනකොට තමයි සිරස මිනිස්සුන්ගෙ ඔලු පාලනය කරන්න පටන් ගන්නෙ.ස්පෝර්ට් ෆස්ට් , අරක ෆස්ට් මේක ෆස්ට් කියාගෙන අන්තිමට රටේ හැම මඟුලටම ඔය ෆස්ට් කෑල්ල අන්තිමට දාගෙන ඇඟිලි ගහන්න ගත්තා.

මාධ්‍යයක වගකීම මොකද්ද? මාධ්‍යයකට රටක් ඇතුලෙ තියෙන භූමිකාව මොකක්ද? සිරස ඒකෙන් පිට පැනලා නේද මේ උඩ යන්නෙ. අපේ මිනිස්සුන්ට ඒක තේරෙන්නෙ නෑ. ඒකට හේතුව සිරස මිනිස්සුන්ගෙ ඔලු විනාස කලා. සිරස කියන දේ හරි කියන තැනට මිනිස්සු ඔක්කොම අන්ධ කලා. ඒකට ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් නාට්‍යයත් මූලික උනා. මොකද සිරස හැම මඟුලටම පනිද්දි ඊට දෙවනි නොවී වැසිකිලි වලේ ඉඳලා හැම දේටම ස්වර්ණවාහිනියත් මොකාක්හරි අකුරු හතරක් පහක් ගලපගෙන නමක් දාගෙන පනින්න ගත්තා. ඉතින් සිරස මේ ගොබ්බ මාධ්‍ය සන්ස්කෘතිය ඇතුලෙ තනි උනේ නෑ. දැන් සිරස මුලින් කියපු "සටත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට" තේමාවට මොකද වෙලා තියෙන්නෙ?

දැන් ක්‍රියාත්මක වෙන්නෙ " අපේ සටහන , අපේ විමසුමට" ප්‍රවෘත්තියත් සිරසම කියලා ඒක ගැන විමර්ශනයත් කරලා, ඒකෙ හරි වැරැද්දත් තෝරලා ඊලඟට අපිටත් අණ දීලා තමා දැන් නවතින්නෙ. ලන්කාවේ ක්‍රිකට් (ක්‍රීඩාව) ඇත්තටම දූෂිතයි. ඒක ඇත්ත ඒත් සිරසට මොකද්ද තියෙන අයිතිය ඒකට කෙලින්ම මැදිහත් වෙලා රාජ්‍ය ආයතනයක තීරණ වලට මැදිහත් වෙන්න. ඊට පස්සෙ දැන් එක්සත් ජාතික පක්ෂෙ අල්ලගෙන, ඉස්සර ලෙවකාගෙන හිටිය සිරසට දැන් රනිල් ලොක්කා එපා වෙලා. මේකට පැහැදිලි හේතුවක් තියන්නම ඕනෙ. මාධ්‍ය භූමිකාවෙ කොහොමටවත් මෙහෙම රටේ දෙවනි පක්ෂයෙ තීරණ වලට මැදිහත් වෙන්න අයිතියක් නෑ. ඊටත් නායකත්ව වෙනසකට අත පොවවන්න කිසිම අයිතියක් නෑ. එයින් නැවතුනා නම් කමක් නෑ ඊයෙ මන්ගල ගැනත් විනිශ්යයක් දුනනා. මන්ගල නම් සැබැවින්ම කොටලුවෙක් ඒකෙ තර්කයක් නෑ. ඒත් රටක පෞද්ගලික මාධ්‍යකට තියෙන අයිතිය මොකක්ද රටේ මිනිස්සුන්ගෙ චන්දෙන් රටේ පාලනයට තේරුන පුද්ගලයෙක් ගැන තීන්දු තීරණ දෙන්න. මේ අත පොවන්නෙ රටේ මිනිස්සුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදයට. මාධ්‍යකට තියෙන වගකීම තමයි රටේ සිද්ධවෙන අසාධාරනයක් පෙන්නලා දෙන එක. ලන්කාවේ චැනල් 4 වෙන්න දඟලන සිරස තමුන්ගෙ මේ සදාචාරයක් නැති මාධ්‍යකරණය වෙනස් කරගත යුතුයි. අද රටේ මාධ්‍ය සදාචාරය බින්දුවට වැටිලා. දැන් අපේ රටේ මාධ්‍ය ඉන්නෙ මිනිස්සු අල්ලගන්න පුලුවන් නම් ඕන තුට්ටු දෙකේ අසික්කිත වැඩක් කරන්න පුලුවන් මට්ටමක.

රටේ මාධ්‍ය සදාචාරය රැකගන්න ඕනෙ මොකද සිරස එදා පුන්චිට පටන් ගත්තු විනාසය දැන් හොඳටම ලොකු වෙලා. එන්න එන්න සදාචාරය නැති වෙනවා මිසක් ඇති වෙන්නෙ නෑ. මත්ද්‍රව්‍ය පෙන්නන්න එපා කිවුවම සිරස කරන්නෙ කොටු කොටු දාලා "මත්ද්‍රවය හා දුම් වැටි......හේතුවන්" කියලා දාලා පුන්චි උන් ඇතුලෙ කුතුහලය වැඩි කරන එකයි. සිරස හරිද වැරදිද? තීරණය ඔබ අතේ. 

කාලකණ්ණි සිංහලුට

සමහරුන්ට දැන් ටිකෙන් ටික අමතක වීගෙන එනවා මේ රට යුද්ධයක් තිබුන රටක් අපි ඒකෙන් ගොඩ ආවේ අපේ රටේ අහින්සක ජීවිත දහස් ගනනක් පූජා කරලා කියලා. ඒ වගේම අපේ රටේ දැන් සමහර කාලකන්නි සින්හලයෝ ආයෙත් ගින්දර අවුලන්න කට ඇරගෙන ඉන්නවා. වෙන මොනාටවත් නෙමෙයි  සල්ලි පිපාසෙ සිඳව ගන්න. මේ කාලකන්නි සින්හලයන්ට බලන්නම වටින ෆිල්ම් එකක් ඔන්න ඇවිත්. "ගාමනී" සෑම සින්හලයෙක්ම , ලන්කාවේ සෑම මිනිහෙක්ම බලන්නම ඕනෙ චිත්‍ර පටියක්. අමතක වේගෙන එන මතකය අලුත් කරගන්න වගේම යුද්ධයෙ අපි නොදන්න නොදැකපු පැත්තක් දැක ගන්න හොඳම අවස්ථාවක් මේක. මායිම් ගම්මාන කියලා ඉස්සර හඳුන්වපු ගමක ග්‍රාමාරක්ෂක භට පිරිසක් වටා ගෙතෙන මෙම කතාව යම්තාක් දුරකට කුරිරු බවක් පෙනුනත් ඒ පෙන්නන්නේ අතියශෝක්තියක් නොව අප රටෙහි අපේම සින්හල මිනිස්සු මුහුණ දීපු සැබෑ ජීවිත කතා කියලා මතක තියාගන්න ඕනෙ.

මම ආයෙත් ඉල්ලා සිටින්නෙ කරුණාකරලා සෑම කෙනෙක්ම නරඹන්න
නරඹලම ප්‍රතිචාරයක් දක්වන්න..... තීරණය ඔබේ අතේ....


පොලිසිය - ඉරාජ්ගෙ අවසානයද

කාලෙකින් පෝස්ට් එකක් දාන්න හම්බුනේ, ඒක නම් පෝස්ට් එකක් නොදාම බැරි හේතුවක් නිසා ඒ තමයි ඉරාජ් ලොක්කගෙ පොලිසිය වීඩියෝ එක. සමහරු බනින (බනින්නෙ ඉතින් පොලිසියෙ අයම  තමයි) ලන්කාවෙ ඉන්න ඕන පොඩි එකෙක්ට තේරෙනවා පොලිස්සිය කියන්නෙ මොකද්ද ඉන්නෙ මොනවගේ අයද කියලා. ඒත් ඒ සිතුවිල්ල 100%ම හරි කියන්නත් බැහැ නමුත් පොලිසිය ගැන මිනිස්සු අතරෙ තියෙන ප්‍රතිරූපෙ එන්න එන්නම පිරිහෙනවා. පාරෙදි ඇල්ලුවොත් කීයක් හරි අරන් අතාරිනවා. බස් එකකට නැග්ගොත් ටිකට් ගන්නෙ නෑ උඩබලාගෙන යනවා. නිල බලේ ඉහට ගහපු පොලිස් නිලදාරීන්ට දීපු මේ පහර ගැන මම නම් ගොඩක් සතුටු වෙනවා. මේකෙන් දැකලවත් ලැජ්ජාවටවත් හැදුනොත් කොච්චර දෙයක්ද.

මොන දේ උනත් ඉරාජ් ලොක්කා ගහන්න ඕනෙ හරිම තැනට ගහලා තියෙනවා. සමහරුන්ට මේක හරහටත් පෙනෙයි මොනා උනත් ඉරාජ් ලොක්කගෙ මේ කාලයක් තිස්සෙ ආපු වීඩියෝ බැලුවම රටට දෙයක් දෙන්න හදන රටේ මිනිස්සු කතා කරන්න බය ඒත් කතාකරන්න ඕනෙ දේවල් ගැන කතා කරලා තියෙනවා. වැරදි දේ වැරදි වගේම අපි හරිදේ ඉහලින් අගය කරන්න ඕනෙ. සින්දුවකින් හම්බ කරනවාට වඩා වටින්නෙ ඒක තුලින් රට ඇතුලෙ ප්‍රේක්ශකයා අතුලෙ අලුත් කතා බහක් ඇති කරලා හිතන්න පුරුදු කරන එකයි. ඉතින් ඉරාජ් ලොක්කා සුබ අනාගතයක්....

ඒ වගේම ඉරාජ් වීරරත්නට අනාගතයේ එල්ල වෙන්න පුලුවන් තර්ජන , අභූත  චෝදනා ගැනත් ඉරාජ් ලොක්කට වගේම අපේ ප්‍රේක්ශක ජනතාවටත් අවදියෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා.

වාග් 2011 | Vaag 2011


වාග් 2011 | Vaag 2011
වාග් සංග්‍රාමයට සියල්ල සූදානම් .!!


"VAAG 2011" inner school and inter school debating tournament Organized by the Sinhala Oratory & Debating forum of Samudradevi Balika Vidyalaya will be held on 25th June 2011.The final session and the Award ceremony of the tournament is scheduled to be held on 27th June 2011"වසර 96 ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නාවූ සමුද්‍රදේවී විද්‍යාලයේ 2011 සිංහල කථික හා විවාද සංසදය අභිමානයෙන් යුතුව ඉදිරිපත් කරන්නාවූ වාග් 2011 පාඨශාලයීය සහ අන්තර් පාඨශාලයීය සිංහල විවාද තරඟාවලිය 2011 ජුනි මස 25 වන දින විද්‍යාල භුමි පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර එහි අවසන් මහා සුසංග්‍රාමය සහ වාග් ශුරතාභිශේකය 2011 ජුනි මස 27 වන දින විද්‍යාලයීය වසන්තා රණසිංහ ශාලාවේදී පැවැත්වේ. 2010 ජුනි 25 පෙරවරු 8 ට සමාරම්භක උතසවය පැවැත්වේ  Sinhala Oratory & Debating forum of Samudradevi Balika Vidyalaya




යහපත් එඬේරාගේ කන්‍යාරමය ...


පාසල් වලින් පවත්වන කලා උළෙලවල් අතරින් මේ වෙනකොට බොහෝමයක් කලාව කිවුවට ඒවගේ අති කලාවකුත් නෑ ගන්න දේකුත් නෑ. කොහොම උනත් ලැබුන ආරාධනාවකට අනුව කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ කලා උළෙලට සහාගී වෙන්න අවස්තාවක් ලැබුන.කොලඹ ප්‍රදාන පෙලේ පාසල් කියල කියන බොහෝමයක් පාසල් කලාව රකින්න කියල කරන "මගුල්" නිසා වෙන්නෙ නමටවත් ඉතුරු වෙලා තියෙන මේ කලා ක්ශේස්ත්‍රය තවත් පිරිහෙන එකයි. ඒ අතරෙන් මේ පාසලේදි තමයි අත්තම කිවුවොත් කාලෙකට පස්සෙ දැකපු හොඳම අන්ග ටිකක් තිබුනෙ. ඇත්තටම දක්ශ සිසුවියන් පිරිසක්. එහෙම නැත්තන් කිසිම විදිහකින් මේ තරම් සාර්තක වෙන්න බැහැ. නාගරික පරිසරයෙ හිරවෙල ඉන්න බොහෝ දෙනෙක්ට ඒ ගැමි අසිරිය පැය දෙක තුනකට හරි හිතට සැහැල්ලුවක් ඇතිකරන්න සමත් උනා.හැමෝම අලුත් දෙයක් කරන්න ඕන කිවුවට ඇත්තටම වටිනකමක් අති විදිහට, හිතට දැනෙන විදිහට අලුත් දෙයක් කරන්නෙ කොහොමද කියන එක ප්‍රායෝගිකවම පෙන්නුව. ඉතින් සහෝදරියනි ඔබට සුභ පැතුම්.

මනුස්සකමට සැබෑ අරුතක් දෙන්න



මේ පෝස්ට් එක මම දැක්කේ අපේ සහොදර බ්ලොග් කරුවෙක් වන ඉලංදරියාගේ බ්ලොග් සටහන් වලින්..... ඉතින් මේ සංවේදි කතාව කියවලා ඔයාලට පුලුවන් විදියෙන් උපකාරයක් කරන්න
මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක්නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනාහරිමසෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියාඒත් කාලයා මගේ සතුට උදුරාගෙනඑවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලාඅද මම මේ ලියන හෑමදේම මට සටහන්කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑමමොහොතකම එය වෑලකී ගියා. එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේඅදෘශ්යමාන හස්තයට මම නතුවෙලා. යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනි සංස්කාරකවරයෙක් වෙන්නමම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියටගෙවාදමමින් සිටියා. අතර තුරදී මට ලංකාවෙ ප්රසිද්ද රෑපවාහීනි වැඩසටහන් ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා... මම ඉතාමත් ආශාවෙන්රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ් පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනිඅධ්යක්ෂනය,  නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා ..  වගේමරූපවාහීණී වැඩසටහන් සහාය අධ්යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනානමුත්  තනතුරහොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලි නාට්යයක පමණයි..මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත්  සතුට පෑවතුනේඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේ ජිවිතේටකනකොකා හඩන්නපටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.හිටි හැටියෙම මගේ එක කනක ශ්රවනය දුර්වල උනා එක්කම ටික දවසකින් එයසම්පුර්නයෙන්ම නෑසීගියාඑවගේම අනිත් කනෙත් ශ්රවනය දුර්වල වෙන්න පටන්ගත්තාපළමු කනේ ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අද දක්වාමවෛද් ප්රතිකාර සදහා යොමු උනානමුත් අවාසනාවට මගේ කන් දෙකේමශ්රවණතත්වය පහල  යාම නතරකරගන්නට බෑරි උනාසියල්ල මෙසේ වෙද්දි මාසතුනක කාලයක් සදහා මට ශ්රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක් ලබා ගත්තා.නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනාමගේ ඈසෙමින් තිබු එකමකනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසර එකහමාරක ටත් වඩාකාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවාමේකාලය තුල මම ජිවිතේ දී වින්ද වේදනාවකියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේමම මගේ දුක කවි ලෙසින් පිට කලා.මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවාගෙදර අය පවා යමක් මටපෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනයගොඩනෑගිමට මහත්වු ප්රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලයපුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරුකලේ කොල කෑලිවල ලියමින්වෛද් වරුන්ගේ මතය වී ඈත්තේ තවත්අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්රධාන විශේෂඥ වෛද් ශාන්ත පෙරේරායටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන්මාහට ශ්රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද්නිගමනයයිඒසදහා අවශ් කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වුරුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත්දෑරිය නොහෑකි මුදලක්...මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවුකිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවාජනාධිපති අරමුදලෙනුත් මුදලක්බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ඉලන්දාරියාබ්ලොග් අඩවිය සමගින්මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක් බලාපොරොත්තුවෙන්මාගේ මේ සටහන තැබීමට සිතීමීමා මෙවැනි සටහනක් තැබීමට කිසි දිනකත්නොසිතුවෙමි නොපැතුවෙමිනමුත් මිනිසුන් අසරන වන්නේ නොපැතූ නොසීතුඅවස්ථාවන් වලදීයමාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක් හිතෛහී මිතුරන් හදුනාගත්තාවර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කර ගත්තා. සමහරුන් මාරෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියාවචනවලින් උවත්බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලාඔවුනට අනේක වාරයක් ස්තූති වර්වුල්මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදු ශබ්දයක් නොමැති කලු වරකාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තු වනවෙලාවයිඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත් වැලක්වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියිමේ සමග මගේ රෝගය හා  සම්බන්ධ ලිපිදඉදිරිපත් කරමි ස්තුතියි!.විමසිම්
0772332071 0718050116facebook : 
D.M.D.T.B. දිසානායකබෑංකු ගිනුම් අංක 71408612 (ලංකා බෑංකුව මාතලේ )


Sithuwili Radio