කාලකණ්ණි සිංහලුට

සමහරුන්ට දැන් ටිකෙන් ටික අමතක වීගෙන එනවා මේ රට යුද්ධයක් තිබුන රටක් අපි ඒකෙන් ගොඩ ආවේ අපේ රටේ අහින්සක ජීවිත දහස් ගනනක් පූජා කරලා කියලා. ඒ වගේම අපේ රටේ දැන් සමහර කාලකන්නි සින්හලයෝ ආයෙත් ගින්දර අවුලන්න කට ඇරගෙන ඉන්නවා. වෙන මොනාටවත් නෙමෙයි  සල්ලි පිපාසෙ සිඳව ගන්න. මේ කාලකන්නි සින්හලයන්ට බලන්නම වටින ෆිල්ම් එකක් ඔන්න ඇවිත්. "ගාමනී" සෑම සින්හලයෙක්ම , ලන්කාවේ සෑම මිනිහෙක්ම බලන්නම ඕනෙ චිත්‍ර පටියක්. අමතක වේගෙන එන මතකය අලුත් කරගන්න වගේම යුද්ධයෙ අපි නොදන්න නොදැකපු පැත්තක් දැක ගන්න හොඳම අවස්ථාවක් මේක. මායිම් ගම්මාන කියලා ඉස්සර හඳුන්වපු ගමක ග්‍රාමාරක්ෂක භට පිරිසක් වටා ගෙතෙන මෙම කතාව යම්තාක් දුරකට කුරිරු බවක් පෙනුනත් ඒ පෙන්නන්නේ අතියශෝක්තියක් නොව අප රටෙහි අපේම සින්හල මිනිස්සු මුහුණ දීපු සැබෑ ජීවිත කතා කියලා මතක තියාගන්න ඕනෙ.

මම ආයෙත් ඉල්ලා සිටින්නෙ කරුණාකරලා සෑම කෙනෙක්ම නරඹන්න
නරඹලම ප්‍රතිචාරයක් දක්වන්න..... තීරණය ඔබේ අතේ....


0 Response to "කාලකණ්ණි සිංහලුට"

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio