පොලිසිය - ඉරාජ්ගෙ අවසානයද

කාලෙකින් පෝස්ට් එකක් දාන්න හම්බුනේ, ඒක නම් පෝස්ට් එකක් නොදාම බැරි හේතුවක් නිසා ඒ තමයි ඉරාජ් ලොක්කගෙ පොලිසිය වීඩියෝ එක. සමහරු බනින (බනින්නෙ ඉතින් පොලිසියෙ අයම  තමයි) ලන්කාවෙ ඉන්න ඕන පොඩි එකෙක්ට තේරෙනවා පොලිස්සිය කියන්නෙ මොකද්ද ඉන්නෙ මොනවගේ අයද කියලා. ඒත් ඒ සිතුවිල්ල 100%ම හරි කියන්නත් බැහැ නමුත් පොලිසිය ගැන මිනිස්සු අතරෙ තියෙන ප්‍රතිරූපෙ එන්න එන්නම පිරිහෙනවා. පාරෙදි ඇල්ලුවොත් කීයක් හරි අරන් අතාරිනවා. බස් එකකට නැග්ගොත් ටිකට් ගන්නෙ නෑ උඩබලාගෙන යනවා. නිල බලේ ඉහට ගහපු පොලිස් නිලදාරීන්ට දීපු මේ පහර ගැන මම නම් ගොඩක් සතුටු වෙනවා. මේකෙන් දැකලවත් ලැජ්ජාවටවත් හැදුනොත් කොච්චර දෙයක්ද.

මොන දේ උනත් ඉරාජ් ලොක්කා ගහන්න ඕනෙ හරිම තැනට ගහලා තියෙනවා. සමහරුන්ට මේක හරහටත් පෙනෙයි මොනා උනත් ඉරාජ් ලොක්කගෙ මේ කාලයක් තිස්සෙ ආපු වීඩියෝ බැලුවම රටට දෙයක් දෙන්න හදන රටේ මිනිස්සු කතා කරන්න බය ඒත් කතාකරන්න ඕනෙ දේවල් ගැන කතා කරලා තියෙනවා. වැරදි දේ වැරදි වගේම අපි හරිදේ ඉහලින් අගය කරන්න ඕනෙ. සින්දුවකින් හම්බ කරනවාට වඩා වටින්නෙ ඒක තුලින් රට ඇතුලෙ ප්‍රේක්ශකයා අතුලෙ අලුත් කතා බහක් ඇති කරලා හිතන්න පුරුදු කරන එකයි. ඉතින් ඉරාජ් ලොක්කා සුබ අනාගතයක්....

ඒ වගේම ඉරාජ් වීරරත්නට අනාගතයේ එල්ල වෙන්න පුලුවන් තර්ජන , අභූත  චෝදනා ගැනත් ඉරාජ් ලොක්කට වගේම අපේ ප්‍රේක්ශක ජනතාවටත් අවදියෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා.

2 Response to "පොලිසිය - ඉරාජ්ගෙ අවසානයද"

  1. රාගයකින් කැල්ලක් අරන් සින්දුවක් හදාගෙන , ගුවන් විදුලියේ ඒකාධිකාරයක් තියාගෙන ඒව කියපු . ඉඳල හිටල ශෝ එකකට ගිහින් පනම් හතරක් හොයාගෙන ඒකත් කණ පැලෙන්න ගහල විනාශ කරගත්තු ගායකයො ගැන විතරක් ගුණ වර්නනා කරන අයට නොපෙනුනත් , ඉරාජ් වගෙ කියන්න ඕනි දේ ලස්සනට කියන කලාකරුවන්ගෙත් වටිනා කමක් තියනවාය කියලයි මටත් පේන්නේ

    col3neg says:

    Well said Buwa..
    by
    col3neg

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio