වසරේ හොඳම බ්ලොග් අඩවිය One | Zero | Zero

ඊයේ 29/11 දින පැවැතුනු (එක් වරක් මහවැස්සකින් කල් ගිය)  "අසෙනිය කුසුම '10 "  රාජකීයන්ගේ කලා මංගල්‍යය අති සාර්තකව නිමා විය. එහි ප්‍රදාන ආරධිත අමුත්තා වූයේ ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා වන අතර එහිදී ශ්‍රීලාංකේය සිංහල බ්ලොග් කරුවන් ‍රැසක් ඇඟයීමට ලක්විය. ඒ අතර ප්‍රසිද්ධ බ්ලොග් අඩවි ‍රැසක් විය. ඒ අතරම වසරේ හොඳම බ්ලොග්බ් අඩවිය ලෙස One | Zero | Zero අඩවිය තේරී පත්ව්බිය. ඔවුන් හට මතක සිතුවිලි සුභ පැතුම් පිරි නමන අතර රාජකීයන්ටත් තව තවත් මෙවන් ඇගයීම් මගින් ශ්‍රී ලාංකේය බ්ලොග් කලාව ඉහලට ගෙන යාමට හැකියාව ලැබේවා යයි ප්‍රාර්තනා කරමු.


සිතුවිලි රේඩියෝ දියත් වූ වගයි.... (පරීක්ශණ විකාශය) කරුණාකර ප්‍රතිචාර දක්වන්න

සිතුවිලි මීඩියා මගින් ගෙන එන සිතුවිලි රේඩියෝ විකාශය දැන් ඇරඹී ඇත (පරීක්ශණ විකාශය) . ඔබගේ ප්‍රතිචාර දැක්වීම අපි ඉතා අගයකොට සලකන්නෙමු.වෙබ් රේඩියෝ කලාවට නව වෙනසක් - සිතුවිලි රේඩියෝ


සිතුවිලි අඩවිය මගින්ද පහත ප්ලේ ලිස්ට් ඔබගේ පරිගනකයේ ඇති මීඩියා ප්ලේයරයක්  මගින් විවෘත්ත කිරීමෙන්ද සවන්දිය හැක


Listen with Winamp/iTunes

Listen with Windows Media Player

රාජකීයෙන් රාජකීය වැඩක් ???

          ලංකාවේ පළමු වරට කොලඹ රාජකීය විද්‍යාලය මගින්පාසලේ 8000කට අධික සියළුම සිසුන්ට ගුරුවරුන්ට , දෙමාපියන්ට, ක්‍රීඩා භාර ආචාර්‍ය වරුන්ට හා සියළුම සංගම් වලටත් වෙන්වූ වෙනමම නිල ඊමේල් ජාලයක් හඳුන්වා දී තිබේ. සංවර්ධනය වෙමින් යන ලංකාවේ තොරතුරු තාක්ශණ ගමන් මගේ මේය නව සංධිස්තානයක් වනු ඇත. මෙමගින් දෙමවුපියන් හට සෘජුවම විදුහල්පති හෝ උප විදුහල්පතිවරයෙක් හෝ කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ද විය හැක එමගින් පාසල හා දෙමවුපියන් අතර ඇතිවන දුරස් භාවය අවම වනු ඇති අතර එමෙන්ම දෙමවුපියන්ට අවශ්‍ය ඕනැම ගැටලුවක් කිසිදි කරදරයකින් තොරව විදුහල්පතිතුමාගෙන්ම විමසිය හැක. මෙම වැඩපිලිවෙල බල ගැන්වෙනු ලබන්නේ ලොව ප්‍රදානම ඊමේල් ජාලය වන වින්ඩොස් ලයිව් මගිනි.

පසුගිය දින වල විවිධ මාධ්‍ය මගින් පාසල පැවැත්වීම් හා වෙනත් දේ පිලිබඳව සාවද්‍ය පුවත් පල වීම මේ වැඩසටහන කඩිනම් කිරීමට හේතුවී තිබේ... උදාහරණ ලෙස පසුගිය 19 වන දින පාසල නිවාඩු බව රජයේ නාලිකාවලම ප්‍රවෘත්ති විකාශ වල සඳහන් විය නමුත් ඒ වනවිටත් එවැනි තීරනයක් ගෙන නොතිබිනි නමුත් මෙවන් වැඩ නිසා පාසලේ ක්‍රියාකාරී දින අහිමි වීම වලක්වා ගැනීමත් විස්වාසදායි ලෙස සිසුන් , දෙමාපියන් අතර තොරතුරු හුවමාරු කිරීමට හැකිවීමටත් මෙසේ වැඩපිලිවලක් සකස් කොට ඇත



XXXXYYYY@Students/teacher/staff/clubs.Royalinfo.net

XXXX = ඇතුලත් වූ අවුරුද්ද 
YYYY = ඇතුලත්වීමේ අංකය 

ex :- 20004526@students.royalinfo.net

SLT මහා වංචාව....!!!!

මේ දින වල ADSL අන්තර්ජාල පහසුකම් වල වේගයේ අඩුවක් තියෙනවා කියල ගොඩක් අය කියනවා , ඒත් මොකද්ද මේකට හේතුව..???





 දැනගන්න හම්බෙලා තියෙන විදිහට එස් එල් ටී ආයතනය මඟින් එම ආයතනය හරහා පහසුකම් ලබාගත්ත අයගේ පාවිච්චිය සොයා බලලා තියෙනවා ඊට පස්සෙ ගිගා බයිට් 30 (30GB) ට වඩා පාවිච්චි කරල තිබිච්ච් අයගේ බ්ලැක්ලිස්ට් කරලා ඒ අයගේ වේගය සීමා කරල තියෙනවා, කොච්චර කෝල් කර කර කිවුවත් කිසිම වැඩක් වෙන්නෙ නැහැ. මේක 512, 1mb, 2mb  හැමෝටම පොදුයි.


හැමෝම මේ ගැන අවධානයෙන් හිටියොත් මේක ඉහලට දැනුම් දීල නීතිමය පියවරක් අරගෙන මේ වංචාව වලක්ව ගන්න්න පුලුවන් වෙයි


විස්තර හම්බුනේ ඩීජේ ‍රැම් ගෙන් ...

වැදි බණ කියූ ස්වර්ණවාහිනියේ දවසේ වැ‍රැද්ද..!!

නිතරම අනුන්ගෙ වැරදි හොය හොය යන ස්වර්ණවාහිනිය එහෙම නැත්තන් ශ්‍රී ලාංකේය විලිලැජ්ජාව, දැන් දැන් තම ප්‍රවෘත්ති විකාශයේ ප්‍රසිද්ධිය පමණක් අරමුණු කරගනිමින් ලැබෙන පුවත් ගැන අතිශයෝක්තියෙන් කියන්න පටන් අරගෙන. ඒත් ඒකෙන් වෙන්නෙ එන්න එන්නම ස්වර්ණවාහිනිය තව ත්යවත් මිනිස්සු අතර පිලිකුලට ලක් වෙන එකයි. එක ලඟම ලිපි දෙකකින් ස්වර්ණවාහිනිය විවේචනය කිරීමට සිදුවීම ගැන කණගා‍ටුවට කාරණයක්. ඒත් මේ තමුන් පාරිශුද්ධ කියල අනුන්ගේ වැරදි හොයන අයගේ වැ‍රැද්දක් තමයි ඔය පහල පේන්න තියෙන්නෙ.......


මොකද හිතන්නෙ..?? ලැජ්ජ නැති කම අර මොකද්ද එකටත් වඩා ලොකුයි කියන්නෙ ඕක තමයි. අනුන්ගේ වැරදි හොයන්න කලින් තමුන් නීත්‍යානුකූල වෙන්න ඕනා.

Sithuwili Radio