වාග් 2011 | Vaag 2011


වාග් 2011 | Vaag 2011
වාග් සංග්‍රාමයට සියල්ල සූදානම් .!!


"VAAG 2011" inner school and inter school debating tournament Organized by the Sinhala Oratory & Debating forum of Samudradevi Balika Vidyalaya will be held on 25th June 2011.The final session and the Award ceremony of the tournament is scheduled to be held on 27th June 2011"වසර 96 ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නාවූ සමුද්‍රදේවී විද්‍යාලයේ 2011 සිංහල කථික හා විවාද සංසදය අභිමානයෙන් යුතුව ඉදිරිපත් කරන්නාවූ වාග් 2011 පාඨශාලයීය සහ අන්තර් පාඨශාලයීය සිංහල විවාද තරඟාවලිය 2011 ජුනි මස 25 වන දින විද්‍යාල භුමි පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර එහි අවසන් මහා සුසංග්‍රාමය සහ වාග් ශුරතාභිශේකය 2011 ජුනි මස 27 වන දින විද්‍යාලයීය වසන්තා රණසිංහ ශාලාවේදී පැවැත්වේ. 2010 ජුනි 25 පෙරවරු 8 ට සමාරම්භක උතසවය පැවැත්වේ  Sinhala Oratory & Debating forum of Samudradevi Balika Vidyalaya




යහපත් එඬේරාගේ කන්‍යාරමය ...


පාසල් වලින් පවත්වන කලා උළෙලවල් අතරින් මේ වෙනකොට බොහෝමයක් කලාව කිවුවට ඒවගේ අති කලාවකුත් නෑ ගන්න දේකුත් නෑ. කොහොම උනත් ලැබුන ආරාධනාවකට අනුව කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ කලා උළෙලට සහාගී වෙන්න අවස්තාවක් ලැබුන.කොලඹ ප්‍රදාන පෙලේ පාසල් කියල කියන බොහෝමයක් පාසල් කලාව රකින්න කියල කරන "මගුල්" නිසා වෙන්නෙ නමටවත් ඉතුරු වෙලා තියෙන මේ කලා ක්ශේස්ත්‍රය තවත් පිරිහෙන එකයි. ඒ අතරෙන් මේ පාසලේදි තමයි අත්තම කිවුවොත් කාලෙකට පස්සෙ දැකපු හොඳම අන්ග ටිකක් තිබුනෙ. ඇත්තටම දක්ශ සිසුවියන් පිරිසක්. එහෙම නැත්තන් කිසිම විදිහකින් මේ තරම් සාර්තක වෙන්න බැහැ. නාගරික පරිසරයෙ හිරවෙල ඉන්න බොහෝ දෙනෙක්ට ඒ ගැමි අසිරිය පැය දෙක තුනකට හරි හිතට සැහැල්ලුවක් ඇතිකරන්න සමත් උනා.හැමෝම අලුත් දෙයක් කරන්න ඕන කිවුවට ඇත්තටම වටිනකමක් අති විදිහට, හිතට දැනෙන විදිහට අලුත් දෙයක් කරන්නෙ කොහොමද කියන එක ප්‍රායෝගිකවම පෙන්නුව. ඉතින් සහෝදරියනි ඔබට සුභ පැතුම්.

Sithuwili Radio