යහපත් එඬේරාගේ කන්‍යාරමය ...


පාසල් වලින් පවත්වන කලා උළෙලවල් අතරින් මේ වෙනකොට බොහෝමයක් කලාව කිවුවට ඒවගේ අති කලාවකුත් නෑ ගන්න දේකුත් නෑ. කොහොම උනත් ලැබුන ආරාධනාවකට අනුව කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ කලා උළෙලට සහාගී වෙන්න අවස්තාවක් ලැබුන.කොලඹ ප්‍රදාන පෙලේ පාසල් කියල කියන බොහෝමයක් පාසල් කලාව රකින්න කියල කරන "මගුල්" නිසා වෙන්නෙ නමටවත් ඉතුරු වෙලා තියෙන මේ කලා ක්ශේස්ත්‍රය තවත් පිරිහෙන එකයි. ඒ අතරෙන් මේ පාසලේදි තමයි අත්තම කිවුවොත් කාලෙකට පස්සෙ දැකපු හොඳම අන්ග ටිකක් තිබුනෙ. ඇත්තටම දක්ශ සිසුවියන් පිරිසක්. එහෙම නැත්තන් කිසිම විදිහකින් මේ තරම් සාර්තක වෙන්න බැහැ. නාගරික පරිසරයෙ හිරවෙල ඉන්න බොහෝ දෙනෙක්ට ඒ ගැමි අසිරිය පැය දෙක තුනකට හරි හිතට සැහැල්ලුවක් ඇතිකරන්න සමත් උනා.හැමෝම අලුත් දෙයක් කරන්න ඕන කිවුවට ඇත්තටම වටිනකමක් අති විදිහට, හිතට දැනෙන විදිහට අලුත් දෙයක් කරන්නෙ කොහොමද කියන එක ප්‍රායෝගිකවම පෙන්නුව. ඉතින් සහෝදරියනි ඔබට සුභ පැතුම්.

0 Response to "යහපත් එඬේරාගේ කන්‍යාරමය ..."

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio