පාසල් නිල ඇඳුම ගලවා ළමාසාරියක් අන්දලා..???

මට මේ කතාව කියන්න හිතුනේ අහම්බෙන් දු‍ටු සිදුවීමක් නිසා.  මොකද්ද කියනව නම් නුගේගොඩ හරියෙ ප්‍රසිද්ධ  බාලිකා විද්‍යාලයක සීල ව්‍යාපාරයක් දැකලා. වෙනදා සුදු ගවුම දනිස්ස වැහෙන්න ලස්සනට සංවරව අඳගෙන ගිය ලමයින් සිල් දවස වැනි සංවරව සිටිය යුතු දවසේ එක් පසකින් ඔන්න මෙන්න විවෘත්ත වන සුලු ඇඳුමක් නාභියද එලියේ දමාගෙන සිටීම අපගේ සංස්කෘතියේ නැවතත් හැරී බැලිය යුතු තැනකි. මෙක ගැන මීට ටිකකට කලින් එලකිරියෙ ඉන්න ශම්මීත් කතා කරල තිබුන මට මතකයි.






බොහෝ දෙනෙක් ගැහැනු ලමයි කලිසම් අඳිනවට විරුද්ධත්වයක් පෙන්නුවා. ඒත් අද වෙනකොට නම් ඒක බොහෝ දුරට සාමන්‍යකරණය වෙල තියෙනවා. කලිසමට බනින ගොඩක් අය ඒකට කිසිම හේතුවක් නැතිව තමයි බනින්නේ. අපේ කම පෙන්නන්න අඳින රෙද්ද හැට්ටෙට වඩා ඩෙනිම් කලිසම දහස් ගුණයක් සංවරයි.  ලමා සාරිය කියන්නේ රෙද්ද හැට්ටෙම සුදු පැහැයට හැරවීමක් පමණයි. එහි විශේෂයෙන් සංවරකමක් ඇති වෙන්නේ නෑ. ඒ වගේම රෙද්ද හැට්ටෙ නැත්තන් ලමා සාරිය කියන්නේ කාන්තාවකගේ නාරි දේහ ලක්ෂණ මනාව එලියට උලුප්පලා පෙන්නන ඇඳුමක්. 

අවුරුදු කාලේට ෆුඩ් සිටි වලට ගෙදර යනගමන්  එන අයගේ ඇස් වලට විකුනන්න තොග ගණන් කාන්තාවන් රෙද්ද හැට්ටෙ අන්දල තියන්නේ ඒක නිසාම තමයි. ෆුඩ් සිටි විතරක් නෙමේ බැංකු වලත් මේ උපක්‍රමය ඉතා ශූක්ෂමව යොදාගනවා. ඒ කාන්තාවවත් දන්නේ නෑ තමුනුත් වෙලඳ භාණ්ඩ අතරෙ තවත් එක බඩුවක් වෙල කියලා. 

අනෙක් දින වලට ඇඟ වැහෙන්න ඇඳුම් ඇඳපු ලමයි අශ්ඨාංග උපෝෂත සීලයක් සමාදන් වෙලා තමුන්ගේ සිත කය වචනය සංවර කරගන්න ඔනේ දවසෙ මේ වගේ අසංවර ඇඳුමක් ඇඳීම අපගේ සංස්කෘතිය යලි විමසීමකට ලක් කල යුතු තැනක් වේ. මෙයින් සිදුවන්නේ තමුන්ගේසීලක කෙසේ වෙතත් භාහිර පුද්ගලයන්ගේ සිල් බිඳීමකි.

9 Response to "පාසල් නිල ඇඳුම ගලවා ළමාසාරියක් අන්දලා..???"

  1. Anonymous says:

    /*අපේ කම පෙන්නන්න අඳින රෙද්ද හැට්ටෙට වඩා ඩෙනිම් කලිසම දහස් ගුණයක් සංවරයි. ලමා සාරිය කියන්නේ රෙද්ද හැට්ටෙම සුදු පැහැයට හැරවීමක් පමණයි. එහි විශේෂයෙන් සංවරකමක් ඇති වෙන්නේ නෑ. ඒ වගේම රෙද්ද හැට්ටෙ නැත්තන් ලමා සාරිය කියන්නේ කාන්තාවකගේ නාරි දේහ ලක්ෂණ මනාව එලියට උලුප්පලා පෙන්නන ඇඳුමක්./*

    මතකයේ (මන්ද)බුද්ධිමත් ආවර්ජනයක්.ළමා සාරියක් දැකලම නැද්ද???

    Unknown says:

    මෝඩ විහිලු කරන්න එපා..

    ලමා සාරිය නිර්මාණය වෙන්නෙ රෙද්ද හැට්ටෙම දියුණු වීමකින්, එකේ රෙද්ද එහෙමම තියෙනව කියල පිලිගන්නවද? නමුත් තියෙන්නෙ සුදු පාටින්. ඒ වගේම හැට්ටේට උඩින් ආවරණයක් තියෙනවා ඒ පියයුරු පිටතට කැපිල පේන එක වලකින්න.( ඒකෙන් ඇති වැඩැක් නැහැ මොකද ගොඩක් අයට පිටතට පේන්න දෙයක් නැති නිසා) නමුත් ඊට වඩා වෙනසක් තියෙනවා නම් කියන්න බලන්න???

    මොකක්ද තියෙන වෙනස?
    නාභිය පේනවා කියන එක පිලිගන්නවද?
    මට පේන්නේ ඔය සහෝදරයා ලමාසාරියක් දැකලා නෑ

    Anonymous says:

    ඔබ 100% ක් ම නිවැරදියි. ගැහැණු ළමුන් බොහොවෙලාවට නොදැනුවත්කම නිසා මෙවැනි දේ කරනවා වෙන්න පුලුවන්. නාභිය පිටතට පෙනීම ඉතාමත් ​අශෝභනයි . මවිතවිය යුතු කරැණ වන්නේ දෙමාපියන් පවා මේවා නිවැරදි කිරීම​ට උත්සාහ නොකිරීම . ළමා සාරිය ද fashion ගණයට අ​යත් වෙන දිනය වැඩි ඇතක නොවේ . පිරිමි ලමයින් වශයෙන් අපි උත්සාහ කළ යුත්තේ මෙවැනි දේ අගයන ​එක නොව අපගේ සොහොයුරියන් මිතුරියන් මෙවැනි සංකර සරාගී දේවල් වලින් ඈත් කිරීමයි. මා එසේ කියන්නේ වර්තමා​නයේ මෙවැනි දේවල් වලින් පාර කැපෙන්නේ අනාගත නිරැවතට බැවිනි

    Anonymous says:

    Anonymous : on Sept 1 2010 9.56 AM kiyana de ekka math 100% ekangai.
    mewani de gana harawath kathabahak athi wiya yuthui.
    "Kenekuge hati andumen maninna epa" keewath , sanwara kenek thamanta nogalapena lesla adinne naha. enam andumath eka mimmak wenawa.

    thanata , welawata saha wayasata galapena wadagath lesa andina aya AGAYA KARAMU !

    Anonymous says:

    'loka golakara wanakota akaka dawal akaka wanawa aath ada idan pawathuna dawal araksha karaganna oona nada?'

    KAS says:

    ඇයි ගෑනු රූපයට මේ තරම් බය.

    තාමත් අපිට දියුණු වෙන්න බැරි වුන එක හේතුවක් තමයි මේ. ගෑනු ළමයි මොනව ඇන්දත් බලන අපේ තමයි වෙනස තියෙන්නේ.

    තාමත් එක්දහස් අටසිය ගනන් වල ව‍ගේ කතා කරන්න එපා. ගැහැණු ළමයෙක් ළමා සාරිය ඇන්දමත් බලන්නේ වල් හිතකින් නම් වරද කාගෙද කියල හිතන්න. ඒ තරම් අසහනයෙන් ඉන්න හැමෝම මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ගත්තෝත් හොඳයි.

    කවුරු කෙසේ ඇන්දද පෙනෙන දේ බලන්නාට සාපේෂ වේ.

    Anonymous says:

    ඩෙනිම් කලිසමත් අඳින විදිහ අනුව නේද සංවරද නැද්ද කියල කියන්න පුළුවන්. ඒ වගේම තමා ළමා සාරියත්. අනික ගෑනු අය මොනවා ඇන්දාම අපිට මොකෝ. KAS කිව්වා වගේ අසහනයක් එහෙම තියේ නම් කාරිය තමා ප්‍රශ්නය.
    එක් පසෙකින් විවෘත වෙන්න ඔන්න මෙන්න කියන්නේ හරි ළමා සාරිය දැකල නැතුව වෙන්න ඕන. අනික ඔය ඩෙනිමත් ඇගට ෆුල් හිර‍ට ඇන්දාම හරි සංවර ඇති.
    හනේ හෆොයි මේ ඇත්තා සීගිරිය එහෙම පැත්තෙ ගියානම් ඉදලම ඉවරයි. ඒ අයටත් මොකක් හරි ඇදුමක් උඩින් අන්දවන්න කියයි. මහත්තයෝ ඔය ඇඳුම කියන එක හැමදාම වෙනස් වන දෙයක්(අරාබියේ හැර). ඒ හින්දා අපිට ඕකට නීති රීති පනවලා තියන්න බෑ. අනික මන් දන්න විදිහට නම් අතීත ලංකාවේ කාන්තවෝ හිටියේ උඩුකය නිරුවතින්(මම වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න). හැබැයි ඒ කාලේ පුරුෂ පක්ෂයට ඕක ප්‍රශ්නයක් උනේ නෑ.අනික අපේ පිරිමි පාර්ෂවය ගොඩක් කාන්තා ශරීරයට බයයි කියන එක නම් මටත් හිතෙන දෙයක්. අනේ නැත්තම් ඕකේ පොඩි කෑල්ලක් දැක්කත් කෑ ගහයියෑ.

    Anonymous says:

    meya me sadacharaya gena katha karanawa artistla maaasa ganan mahansiwela karana albem free download karanna deddi oyage sadacharaya koheda thibbe :P

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio