මියුසියස් සමනලිය වියෝවී හෙටට වසරයි..!!



මීට හරියටම  වසරකට විතර කලින් කාගේත් හිත් කම්පා කරවපු පුවතක් අහන්න ලැබුනා. ඒ මියුසියස් විද්‍යාලීය ශිෂ්‍යාවක් තම ටයි පටියෙන් ගෙල වැලලාගත් පුවතයි. මෙය දැනගත් බොහෝ දෙනා දැනගත් විගස අනේ අපොයි..!! කිවුවත් මේකට හේතුව හොයල එවගේ දේවල් නැවත නොවෙන කරයුතු කලාද කියන එක අපි හිතල බලන්න ඕනේ. සමහරක් දෙනා මෙම පුවත ගැන කියන්නේද මහත් සමච්චලයෙනි, ඇත්තවශයෙන්ම එය එසේ විය යුතුය මන්දයත් තම ජීවිතය නැතිකර ගැනීම වීර කමක් නොව නිවට කමක් බැවිනි.


ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය යටතේ හෝ පෞද්ගලික පාසලක තම දෙමවුපියන්ගේ වියදමින් අධ්‍යාපනය ලබාගත් විට තම ජීවිතයේ අයිතිය ඔබට පමණක් නොව රටටද හිමිවේ. මන්දයත් රජයේ පාසලක ඔබට අධ්‍යාපනය ලබා දෙන්නේ රටේ ජනතාවගේ මුදලිනි. ඔබ එසේ ලබාගත් අධ්‍යපනයට පෙරලා රටට යමක් කිරීම ඔබ සතු යුතුකමක් නොවේ, එය සැබැවින්ම වගකීමකි.



ලංකාවේ බොහෝ විට දිවිනසා ගැනීම් වලට හේතුවක්ව තිබෙන්නේ

1. විභාග අසමත්වීම
2. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම

යන හේතු වේ. මෙම හේතු දෙකම කිසි විටක ජීවිතයක් නැති කර ගැනීමට තරම් හැතු දෙකක් නොවේ. විභාග යනු තමුන්ගේ අධ්‍යාපන මට්ටම දැන ගැනීම සඳහා පවත්වන එක් කඩ ඉමකි එය ඔබේ ජීවිතයම නොවේ. විභාගය අසමත් උවහොත් ඔබට වෙනත් ක්ශේත්‍රයකට පිවිසිය හැක. එසේ නොකර තම ජීවිතය නැති කර ගැනීම එයට විසඳුම නොවෙයි. අනිත් කාරණාව වන්නේ ප්‍රේම සම්බන්දතාය. මෙයද ජීවිතය නැතිකරගත යුතු තරම් කාරණයක් නොවේ.

මෙහිදී බරපතලම කාරණය වන්නේ මෙය වීරක්‍රියාවක් සේ සලකා අනිත් අයද මෙය අනුගමනය කරන්න යාමය. කෙසේ වෙතත් මෙවැනි අදූරදර්ශී අනුවණ ක්‍රියා වලින් වැලකී තමන්ට ප්‍රශ්නයක් ආ විට හොඳින් සිතා බලා තමාටවත් අනෙකුටවත් කරදරයක් නොවෙන තීරණයක් ගත යුතුය

අවවාදය - ඔබට විසඳාගත නොහැකි මානසික ප්‍රශ්නයක් වේ නම් නොපමාව මනසික වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ලබාගන්න.
(මෙය ලැජ්ජාවට කාරණයක් නොවේ මෙය ඉතා සාර්ත ක්‍රමයකි. වෛද්‍යවරයා ඔබට සුදුසු උපදෙසක් දෙනු ඇත. ඔබේ ජීවිතය රටේ මනව සම්පත් වලින් කොටසක් එය රටට අවැසියි. එබැවින් එම වටිනා ජීවිතය නිකරුනේ විනාස කර නොගන්න.

0 Response to "මියුසියස් සමනලිය වියෝවී හෙටට වසරයි..!!"

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio