අශාන්තිගේ පපරේ ලාංකීය මියුසික් වීඩියෝ කලාව හෑල්ලුවට ලක් කිරීම

මම මේ ලිපිය ලියන්න හිතුවේ "අශාන්තිගේ පපරේ වීඩීයෝව දැක්කට පස්සේ" අපි පොඩ්ඩක් මේ  ගැන සොයා බලමු
.
ලංකාවේ මියුසික් වීඩියෝ කලාව යම් ප්‍රමිතියකට කරන්න පටන් ගන්නේ භාතිය හා සන්තුශ් දෙපලයි. ඒ "නේත්තරා" මගිනි. ඒය රසිකයන් අතර මහත් ආන්දෝලනයකට පත් වෙමින් වසරකට ආසන්න කාලයක් ගීත දර්ශක වල ‍රැඳී තිබිනි.  ඉන් පසු "අහන්කාර නගරේ" කරමින් ඉරාජ් වීරරත්නද  ලාංකීය මියුසික් වීඩියෝ කලාවට අලුත්ම ආරක් හඳුන්වා දුන්නේය. එයින් පසු දිගින් දිගටම යම් තාක් හොඳ ප්‍රවනතාවයකින් දියුනු වෙමින් ආ මියුසික් වීඩියෝ කලාව මීට ටික කලකට පමණ පෙර උච්චතම අවස්තාවට පත් විය. ඒ මිට පෙර ලාභදායී මියුසික් වීඩියෝ කලාව කරගෙන ආ කලා කරුවන්ට තවත් ආදර්ශයක් දෙමින් " ‍රැස් විහිදෙන සමනලියක්" කරමිනි. අධික වියදමක් කරමින් කල මෙම වීඩියෝවට මල් මෙන්ම ගල් ප්‍රහාරද එල්ලවීමේ අඩුවක් නොතිබිනි. මන්ද යත් මේ ලංකාව බැවිනි.




ඉන් පසු කාලය වයිඩ් ඈන්ගල්හී අඩු වියදම් නිශ්පාදන මගින් නැවතත් මියුසික් වීඩියෝ කලාව පිරිහෙන්නට විය. මන්දයත් සතියට මියුසික් වීඩියෝ 5 , 6 එලියට දමන්නට ගොස් එකකවත් නිසි ප්‍රමිතියක් තබා ගැනීමටනොහැකි වීම නිසාය. නමුත් ඉන් පසුව එලඹෙනේ ආර්යන්ස් නම් පෙරලිකාරයින්ගේ කාලයයි. ටියුලිප් මල් කැකුලීගේන් පටන්ගත් ගමන ප්‍රේමී , රම්බරි, උනුහුම, සුදු ගවුම , වැනි  වීඩියෝ කලාවේ සුපිරි සලකුනු තබන්නට විය.
විශේෂයෙන්ම දෙරණ රූපවාහිනිය විසින් පවත්වන ලද මියුසික් වීඩියෝ අවෝඩ්  තරඟය මෙම කලාව දියුනු වීමට මහත් රුකුලක් විය.

එහෙත් කෙසේ වෙතත් අද වන විට නැවතත් මෙම කලාව හෑල්ලුවට ලක් කීරීමට " අශාන්තිගේ පපරේ" මියුසික් වීඩියෝව හේතු වී තිබේ. ලංකාවට ප්‍රමිතියක් සහිත දේවල් හඳුන්වාදුන් BNS  හී සාමාජිකාවක්ම මෙසේ කිරීම මහත් කණගා‍ටුවට කරුණකි. වීඩියෝව අධිකලෙස වානිජකරණය කරගෙන තිබේ . මන්ද යත් එහි ඇත්තේ වෙලඳ දැන්වීම් පමණි. කලාව මෙසේ වානිජකරනය වීමෙන් සිදුවන්නේ කලාවේ පිරිහීම පමණි. අනෙක් කාරනය වන්නේ වීඩියෝව ඉතා අඩු ප්‍රමිතියකින් යුක්ත වීමයි. high definition වීඩියෝ නිශ්පාදනය කරන කාලයේ මෙවන් අඩු ප්‍රමිතියකින් නිශ්පාදන කරමින් එවා ආධික ලෙස වානිජකරනය කරමින් මේ සිදු කරන්නේ මීට පෙර මෙම කලාවට අලුත් මුහුණුවරක් එක් කල කලා කරුවන්ටද අගෞරවයක් නොවේද?

2 Response to "අශාන්තිගේ පපරේ ලාංකීය මියුසික් වීඩියෝ කලාව හෑල්ලුවට ලක් කිරීම"

  1. "පපරේ" ඇති දෙයක් නෑ. ගන්න දෙයක් නෑ.

    Unknown says:

    "papare" athi wadak na

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio