පාසල් වල් බිහිවීම හා පෞද්ගලික පංති

අද වන විට පෞද්ගලික පන්ති හෙවත් ටියුශන් කඩ හතු පිපෙපෙන්නා සේ මතු වී ඇත.
මෙයට හේතුව කුමක්ද.? අපි මදක් සිතා බැලිය යුතු නොවේද.? නිදහස් අධ්‍යාපනය යටතේ සියලු දෙනාට නොමිලේ අධ්‍යාපනය ලබාදීමේ ක්‍රමවේදයක් පැවතුනද සියලු දෙනාගේ යම් යම් දුර්වලතා නිසා මෙවැනි තත්වයක් උදාවී ඇත.



අපි මෙවන් හේතු කිහිපයක් විමසා බලමු



1. පාසලේ ඉගැන්වීම් කටයුතු නිසියාකරව ඉ‍ටු නොවීම
මෙයට මූලික හේතුවක් වන්නේ පුහුණු ගුරු හිඟයයි. එමෙන්ම මේ සඳහා ගුරුවරුන් ඉගැන්වීම මග හැරීමද දරුවන් වෙනුවෙන් කැපවීමෙන් ඉගැන්වීම් නොකිරීමද බලපා තිබේ මන්ද යත් පෞද්ගලික පන්තියේ ගුරුවරයා තම ලාභ තකා උවත් දරුවන්ට කැපවිමෙන් උගන්වයි එම නිසා ඉතා අපහසුවෙන් පාසල් ගුරුවරයාට වඩා පෞද්ගලික පන්ති ගුරුවරයාට සිසුන් ආකර්ශණය වේ

2.ශිෂ්‍යායා තුල පාසල කෙරෙහි විශ්වාසයක් නැති වීම
මෙයට හේතුව වන්නේ පාසල් ගුරුවරයාට වඩා පෞද්ගලික පන්ති ගුරුවරයා අතිශයින්ම විශාල විශ්වාසයක් දරුවා තුල ගොඩ නැගීමය. අත් පත්‍රිකාවේ සිට ඔහුගේ සෑම වචනයක්ම කියවෙන්නෙ දරුවා තුල ගොඩ නැගෙන ආකාරයටය. එපමනක් නොව ඇතැම් ගුරුවරු පාසල් ඉගැන්වීම හෑල්ලු කිරීමද සිසුන් තුල ඇති විශ්වාසය බිඳ හෙලීමට හේතුවකි. එය නිසාද සිසු ආකර්ශනය පෞද්ගලික පන්ති ගුරුවරයා කෙරෙහි වැඩිවේ.

3. පාසලේ අධික නීති මලාව හා නිල ඇඳුමෙන් මිදීම
දවස පුරා අධික විනය නීති මාලාවකට යට වී සිටින සිසුවා පෞද්ගලික පන්තියේ සිටින්නේ ඉතා ආශ්වාදයක් ලබමිනි. මන්දයත් ඕනැම කෙනෙක් නිදහසට අධික රුචිකත්වයක් දක්වන හෙයිනි. පාසලේදී ලැබිය නොහැකි අසීමිත නිදහස මෙන්ම විරුද්ධ ලිංගිකයන් සමඟ නිදහසේ හැසීරීමට හැකි වීමද සිසුන් පෞද්ගලික පන්ති කීහි ආකර්ශණය වැඩි වීමට හේතුවකි.


මේම හේතු පිලිබඳ අප මදක් විතා බැලිය යුතු වේ. සිතා බැලීමෙන් පමනක් නොව මෙම හේතු සාදක ඉවත් කොට නිදහස් අධ්‍යාපන ක්‍රමය නැවත නගා සි‍ටුවීමට සියලුදෙනා කටයුතු කල යුතු වේ. නැතහොත් අනාගතයේ පාසල් වසා දැමීමට සිදුවනු නිසැකය. පෞද්ගලික පන්ති රේල්ල වැලැක්විය හැක්කේ ඉරිදා හෝ පෝය දින වල පන්ති තහනම් කිරීමෙන් නොව නිසියාකාරව රජයේ පාසල් නගා සි‍ටුවීමෙනි.

1 Response to "පාසල් වල් බිහිවීම හා පෞද්ගලික පංති"

  1. Anonymous says:

    elaa

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio