මෙගා ස්ටාර් මෙගා නාටකය අති (අ)සාර්තකව අවසන් වෙන ලදි...

ආරම්බ කර කාලයේ ඉඳලම මෙගා ටෙලියක් විදිහට කරගෙන ගියපු මෙගා ස්ටාර් ඊයෙ රෑ මෙගා ටෙලියක් විදිහටම අවසන් උනා. ටෙලියක් කිවුවේ මොකද කියල බලනව ඇති කට්ටිය ටෙලියක් කිවුවේ මුල ඉඳලම මිනිස්සුන්ගේ වලි බැලීමට තියෙන කැමත්ත මාකට් කරපු ස්වර්ණවාහිනිය අන්තිමටත් වලියක්ම මාකට් කරල ඉවර කරපු එක ගැන.

ඕනම මනුස්සයෙකුට තේරෙනවා අඩුම ගානේ අන්තිමයටවත් සුදුසු නැති අජිත් කවදාවත් වැඩිම මනාප ගන්නෙ නෑ කියල. මොකද මේ තරඟයේ ප්‍රභල  දේශපාලකයින් දෙදෙනුකුත් සිටියදී කොහෙත්ම අජිත්ට පළමු තැන ලැබෙන්න විදිහක් නෑ. මේක බොරුවක් කියන එක ඕනෑම ළදරුවෙකුට තේරෙනවා.

අනිත් එක පොඩි සෑකයක් තීයන්වා ස්වර්ණවාහිනිය ගැන මොකද අර දාපු වීඩියෝ එකේ වලිය අතරේ දාන මියුසික් එක ටිකක් වලි මියුසික් එකක් මොකද එහෙම දෙයක් වෙන්න නම් අනිවාර්‍යෙන් කලින් දැනෙගෙන ඉන්න ඕනා. නමුත් ඒ ගැන නම් හරියටම කියන්න අමාරුයි. වැඩසටහන ආරම්භයේත් තාත්වික විදිහට රන්ගනයක් තිබ්බ නිසා මේක ගැනත් සැකයක් හිතෙනවා මෙහෙම දෙයක් උනත් කරන්න බැරි කමක් නෑ කියල.

අවධානයෙන් සිටින්න..!!! බුදු සසුන විනාශ කිරීමේ කුප්‍රකට වෑයමක් හෙලිවේ..!!!



මෙය උපුටා ගැනීමකි - $hine -  18/10/2010
උපුටා ගැනීමට හේතුව
සම්මා සම්බුදු දහම වෙනුවෙන්
එහි ඉදිරි පැවැත්ම වෙනුවෙන් පමණි




මේ ගෞතම බුද්ධ ශාසනයයි.බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අදටත් විරාජමානව වැඩ සිටී. විශාල පිරිසක් ඒ උතුම් සද්ධර්මයෙන් අදටත් ප්‍රයොජන ගනිති. ශ්‍රී සද්ධර්මය විමසන ඕනෑම අයෙකු එහි ඇති පරම ගම්භීර ස්වභාවය වටහාගැනීමට ස්වභාවයෙන්ම සිදුවන්නකි. මේ මහා භද්‍ර කල්පයට සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේලා පස් නමක් පහල වන බව ධර්මයේ සඳහන්වේ. මේ උන්වහන්සේලාගෙන් සතර නමක් මේ වනවිට පහලවී දහම් මඟ හෙලි කර පිරිණිවන් පා අවසන්ය. උන්වහන්සේලා නම් වශයෙන් දක්වන්නේ නම් කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෝතම (ගෞතම) නම් තථාගත වු අරහත් වූ සම්මා සම්බුදුවරුන්ය. මේ වන විට බබලන්නේ අපගේ අමා මෑණී වූ ගෞතම සර්වඥයන් වහන්සේගේ බුද්ධ ශාසනයයි.


අනාගතයේදී පහලවීමට නියමිතව ඇත්තේ මෛත්‍රී තථාගතයන් වහන්සේගේ බුද්ධ ශාසනයයි. එම බුද්ධ ශාසනය පහලවීමට තව ඇත්තේ සුලුපටු කාලයක් නම් නොවේ. ඒ සඳහා තවත් කල්ප ගනනක් ගත වන්නේය. කල්පයක් සඳහා අවුරුදු මෙපමණකැයි කිව නොහැකිය. තථාගතයන් වහන්සේ කල්පය යන්න පහදා දී ඇත්තේ මේසේය."යොදුනක්(යොදුනක් යනු සැතපුම් දහසයකි) දිග, යොදුනක් පලළ, යොදුනක් උස වන පෙට්ටියකට අබ ඇට පුරවා, අවුරුදු සියයකට වතාවක් එක් අබ ඇටය බැගින් ඉවත් කලවිට එම පෙට්ටිය අබ ඇටවලින් හිස් වීමට යම් කාලයක් ගතවන්නේද කල්පය යනු ඊටත් වඩා දීර්ඝ කාලපරිච්ඡේදයකි" යනුවෙනි.

පාසල් සිසුන්ට පෙම් කිරීම තහනම්ද?

සුලඟේ පාවී ඈ වෙත යාවී මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්

පාසැලේදී මා දිහා නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා නෑ සැබෑ වුනේ

ගී පොතේහී මා ලියූ සෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින් හෙලූ බැලුම් ප්‍රියේ

අහිංසක හදවත් දෙකක ඉපදුනු ආදරයක් දෙස දයාවෙන් බැලිය නොහැකි ලෝකයක අප ඉපදුනේ ඇයි . ..
ආදරය කුළ මල දේපල වස්තුව උස් පහත් කම් කිසි දෙයක් නොසලකන බව මේ වැඩිහිටියෝ එයාලගේ තරුණ කාලේදී වත් හිතලා නැද්ද . . .
මේ වගේ කුරිරු මෝඩ සමාජෙක නැතුව ආදරයට අදරයෙන් ආදරය කරන ලස්සන සමාජෙක නැවත් අපි දෙන්නත් ඉපදී එහිදී යලි හමුවෙන්නත් අපි ප්‍රාර්ථනා කරගෙන වෙන්වීම හර අපිට වෙන විකල්පයක් ඇද්ද . . . ?

පාසල් ප්‍රේමය කිවුවම හැමෝගෙම හිතට පුන්චි දුකක් එක්ක සුන්දර මතකය්ක් එනව ඇති. ඇත්තටම පාසල් කාලයේ ප්‍රේම සම්බන්දකම් ඇතිකරගන්න එක හරිද? අපි පොඩ්ඩක් හිතල බලමු.

පාසල් පොත් බෑග් මාරයා..!!

පාසල් පෝත් බෑගය , මේ මාතෘකාව ගැන වැඩිය කතා බහට ලක් වෙන්නෙ නම් නෑ ඒත් දැන් ටිකක් කාලෙකට කලින් රජයෙන් කිවුවා ඒත් මේ වනතුරුත් මේ ගැන කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නම් නෑ. පුන්චි ළමයි තාමත් ල්ළමය වගෙ දෙකක් විතර බර පොත් මල්ලක් උස්සගෙන තම පාසල් යන්නෙ. ඒත් හරිඔයටම බැලුවොත් ඔය ගෙනියන පොත් ප්‍රමාණයෙම දවසක වැඩ කෙරෙනවද කියල සාධාරණ සැකයක් මතු වෙනව. කෙසේ වෙතත් මේ වගේ වගකීම් රහිත වැඩ වලින් වෙන්නෙ අහින්සක පුන්චි ළමයි මල් වගේ පුන්චි වයසෙදිම රෝගී වෙන එක. රටේ අනාගතය රෝගීන් පිරිසක් උනොත් රටේ අනාගතයට මොකක් වෙයිද?

Sara Sihina - BnS FREE Download full album....!!!!!

ඔන්න මට ටික කලෙකින් බ්ලොග් එකට පොස්ට් එකක් දාන්න බැරි උනානේ . ඉතින් ඔන්න මම අද සිතුවිලි අඩවියෙන් අරගෙන අව හැමෝටම පුන්චි තෑග්ගක්. මේක භාතිය සන්තුශ් ලගෙ අලුත්ම ඇල්බම් එක උනු උනුවේ... සරා සිහින තමයි මේකේ නම. ඇල්බම් එක නම් මෙගා බයිට් 89යි, බාගෙනම බලන්නකො කොහොමද ඇල්බම් එක කියල පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් බාගන්න මීඩියාෆයර් එකට තමයි දාල තියෙන්නෙ. මතක ඇතුව ප්‍රතිචාරයකුත් දීලම යන්න.....



මෙතනින් බාගන්න මෙන්න ලින්ක් එක
Download sara sihina by BnS full album FREE
විශේශ ස්තූතිය - Http://AlbumsLK.tk

Sithuwili Radio