පාසල් පොත් බෑග් මාරයා..!!

පාසල් පෝත් බෑගය , මේ මාතෘකාව ගැන වැඩිය කතා බහට ලක් වෙන්නෙ නම් නෑ ඒත් දැන් ටිකක් කාලෙකට කලින් රජයෙන් කිවුවා ඒත් මේ වනතුරුත් මේ ගැන කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නම් නෑ. පුන්චි ළමයි තාමත් ල්ළමය වගෙ දෙකක් විතර බර පොත් මල්ලක් උස්සගෙන තම පාසල් යන්නෙ. ඒත් හරිඔයටම බැලුවොත් ඔය ගෙනියන පොත් ප්‍රමාණයෙම දවසක වැඩ කෙරෙනවද කියල සාධාරණ සැකයක් මතු වෙනව. කෙසේ වෙතත් මේ වගේ වගකීම් රහිත වැඩ වලින් වෙන්නෙ අහින්සක පුන්චි ළමයි මල් වගේ පුන්චි වයසෙදිම රෝගී වෙන එක. රටේ අනාගතය රෝගීන් පිරිසක් උනොත් රටේ අනාගතයට මොකක් වෙයිද?



දැනට කරපු අලුත්ම පරීක්ෂණ වලින් සනාත වෙලා තියෙනවා කුඩා දරුවන්ට හැදෙන අස්ථි සම්බන්ද රෝග වලින් 90%ක්ම උත්සන්න වෙලා තියෙන්නෙ මේ පාසල් බැගය  නිසා බව. නමුත් මේ ගැන ගුරුවරුන්ට ලොකු වගකීමක් තියෙනවා. මොකද රජය ඔක්කොම කරල බන්දේසියක තියල අතට දෙනකන් බලාගෙන හිටියොත් අපේ රටේ මේ මල් වගෙ පුන්චි ළමයි ටික රෝගී පිරිසක් වෙන එකයි. ගුරුවරුන්ට පුලුවන් 1 2 3 4 5 6 ... ඔය වගේ පුංචි පන්තියෙ ඉඳලම කාල සටහනකට වැඩ කරන්න. ඒකෙන් ගේන පොත් ගානත් අඩු වෙනවා වැඩ කරන කාලයත් ඉතුරු වෙනවා. බොහෝ පාසල් වල කුඩා පන්ති වලටත් කාලසටහන් තියෙනවා ඒත් දුකට කාරනය තමයි ඒ කාල සටහන් තියෙන්නෙ බිත්තිය ලස්සන වෙන්න විතරක් වීම.මොකද වැඩ කෙරෙන්නෙ ඒ ගුරුවරයට අවශ්‍ය විදිහටයි ඒත් ගුරුවරය නිකමට වත් හිතන්නේ නෑ කොහොමද මේ දරුවෝ මේ පොත් මල්ල උස්සගෙන එන්නෙ කියල.



මේයට සාර්තක විකල්පයක් විදිහට ලන්කාවට ආව ට්‍රැවලින්ග් බෑග් ක්‍රමයට ඒන පාසල් බෑග් ඒත් කෙසේ උනත් ඒක හිතපු තරම් සාර්තක විකල්පයක් උනේ නෑ. මොකද දරුවාට එය පහසුවක් උවත් ශ්‍රී ලාංකීය සංස්කෘතියට අනුව තමුන් ඉගෙනගන්න පොත් ටික බිම දිගේ ඇදගෙන යන එක ඒතරම් උචිත වෙන්නෙ නැති නිසා.
රජය හැමදේම කරල දෙනකන් බලාගෙන ඉන්නෙ නැතුව අපිත් මේ ගැන පොඩ්ඩක් හිතලා අලුත් සාර්තක පිලියමක් යෙදුවොත් අපේ රටේ අනාගතය මේ පුන්චි දරුවො නිරෝගී පිරිසක් විදිහට අනාගතයට බාර කරන්න පුලුවන් වෙයි...!!!

0 Response to "පාසල් පොත් බෑග් මාරයා..!!"

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio