මෙගා ස්ටාර් මෙගා නාටකය අති (අ)සාර්තකව අවසන් වෙන ලදි...

ආරම්බ කර කාලයේ ඉඳලම මෙගා ටෙලියක් විදිහට කරගෙන ගියපු මෙගා ස්ටාර් ඊයෙ රෑ මෙගා ටෙලියක් විදිහටම අවසන් උනා. ටෙලියක් කිවුවේ මොකද කියල බලනව ඇති කට්ටිය ටෙලියක් කිවුවේ මුල ඉඳලම මිනිස්සුන්ගේ වලි බැලීමට තියෙන කැමත්ත මාකට් කරපු ස්වර්ණවාහිනිය අන්තිමටත් වලියක්ම මාකට් කරල ඉවර කරපු එක ගැන.

ඕනම මනුස්සයෙකුට තේරෙනවා අඩුම ගානේ අන්තිමයටවත් සුදුසු නැති අජිත් කවදාවත් වැඩිම මනාප ගන්නෙ නෑ කියල. මොකද මේ තරඟයේ ප්‍රභල  දේශපාලකයින් දෙදෙනුකුත් සිටියදී කොහෙත්ම අජිත්ට පළමු තැන ලැබෙන්න විදිහක් නෑ. මේක බොරුවක් කියන එක ඕනෑම ළදරුවෙකුට තේරෙනවා.

අනිත් එක පොඩි සෑකයක් තීයන්වා ස්වර්ණවාහිනිය ගැන මොකද අර දාපු වීඩියෝ එකේ වලිය අතරේ දාන මියුසික් එක ටිකක් වලි මියුසික් එකක් මොකද එහෙම දෙයක් වෙන්න නම් අනිවාර්‍යෙන් කලින් දැනෙගෙන ඉන්න ඕනා. නමුත් ඒ ගැන නම් හරියටම කියන්න අමාරුයි. වැඩසටහන ආරම්භයේත් තාත්වික විදිහට රන්ගනයක් තිබ්බ නිසා මේක ගැනත් සැකයක් හිතෙනවා මෙහෙම දෙයක් උනත් කරන්න බැරි කමක් නෑ කියල.




මේකෙන් කිසිම වාසියක් කාටවත් ලැබෙන්නෙ නෑ. එහෙම දෙයක් උනා නම් තාවකාලිකව හරි වෙන්නෙ මෙගා ස්ටාර් නැත්තන් ස්වර්ණවාහිනිය ප්‍රසිද්ද වෙන එක විතරයි. පහල වීඩියෝ එක තියෙනවා බලන්නකො. ඔය  බෝතල් පාර වදිනකොට උඩට එන්නෙ සෝමගේ ගාඩ් එක ඊට පස්සෙ මර්වින්ව අල්ලගන්නේ දයාසිරිගේ ගාඩ් එක. කොහොම උනත් ඊට පස්සෙ ආරන්චියේ හැටියට සෝම එතනින් ඉක්මනට ගිහින්. ඊට පස්සෙ දයාසිරි තමයින්මර්වින් එක්ක කතා කරල බේරන්න්න හදල තියෙන්නෙ ඊට පස්සෙ නම් මිනිස්සු ඔක්කොම යවල පොලිස්සියෙන් ආවට පස්සෙ. කොහොම උනත් වෙච්ච දෙයින් උනේ හැමෝගෙම හිත් රිදුන එකයි ස්වර්ණවාහිනිය අධික ප්‍රසිද්දියකට ලක් වෙන එකයි. අර දාන මියුසික් එක ගැන සැකේ නම්  පොඩ්ඩක් තියෙනවා...... ඔයාලම බලන්නකො ....



(ඔතන හිටිය ප්‍රකෝටි පතියෙක් තමයි මෙගා ස්ටාර් උනේ . ඒ වගේම සමාජ සේව ගොඩක් කරපු මිනිහෙක් තමයි අජිත් කියන්නේ ඒක නිසා එස් එම් එස් එන්න බැරි කමකුත් නැහැ. අනිත් එක ඔය මිනිහව අවුස්සගත්තෙ රජීව් අන්තිමට මිනිහත් නෑනෙ.)

4 Response to "මෙගා ස්ටාර් මෙගා නාටකය අති (අ)සාර්තකව අවසන් වෙන ලදි..."

  1. Anonymous says:

    කව්ද බං....ඔය අජිත් පෙ‍රේරා කියන මනුස්සසයා.......ස්වර්ණවාහිනියෙ ගොබ්බයන්ට මුල ඉඳලම එය යකා මෙගා ස්ටාර් කරන්න උවමනාව තිබුණා....ඕව බලන අපිට මඩු වලිගෙන් ගහන්න ඕන..

    Anonymous says:

    ane oka karapu samaja sewaya... balapan

    http://www.ajithweerasinghe.com/ajithweerasinghe_charity.html

    ============================
    -Taking welisara disabled people to worship temple of tooth , kandy

    -Organised a trip to Anuradapura with "Preethipura lama niwasaya " Mawanella

    - Eye operations to 150 patients to increase the vision.

    - assisted with an eye to 5 year old girl in Akuressa

    -Donated crutches, medicines, nutritional supplies & blood to cancer hospital

    -have donated 150 specs to people in Kandy who cannot afford a spectacle.

    -freed 8 cattle’s from death.

    Anonymous says:

    Ajith kiyanne thanikara horek

    Anonymous says:

    aye thawa magulak patan gannane yanne :P

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio