අවධානයෙන් සිටින්න..!!! බුදු සසුන විනාශ කිරීමේ කුප්‍රකට වෑයමක් හෙලිවේ..!!!



මෙය උපුටා ගැනීමකි - $hine -  18/10/2010
උපුටා ගැනීමට හේතුව
සම්මා සම්බුදු දහම වෙනුවෙන්
එහි ඉදිරි පැවැත්ම වෙනුවෙන් පමණි




මේ ගෞතම බුද්ධ ශාසනයයි.බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අදටත් විරාජමානව වැඩ සිටී. විශාල පිරිසක් ඒ උතුම් සද්ධර්මයෙන් අදටත් ප්‍රයොජන ගනිති. ශ්‍රී සද්ධර්මය විමසන ඕනෑම අයෙකු එහි ඇති පරම ගම්භීර ස්වභාවය වටහාගැනීමට ස්වභාවයෙන්ම සිදුවන්නකි. මේ මහා භද්‍ර කල්පයට සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේලා පස් නමක් පහල වන බව ධර්මයේ සඳහන්වේ. මේ උන්වහන්සේලාගෙන් සතර නමක් මේ වනවිට පහලවී දහම් මඟ හෙලි කර පිරිණිවන් පා අවසන්ය. උන්වහන්සේලා නම් වශයෙන් දක්වන්නේ නම් කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෝතම (ගෞතම) නම් තථාගත වු අරහත් වූ සම්මා සම්බුදුවරුන්ය. මේ වන විට බබලන්නේ අපගේ අමා මෑණී වූ ගෞතම සර්වඥයන් වහන්සේගේ බුද්ධ ශාසනයයි.


අනාගතයේදී පහලවීමට නියමිතව ඇත්තේ මෛත්‍රී තථාගතයන් වහන්සේගේ බුද්ධ ශාසනයයි. එම බුද්ධ ශාසනය පහලවීමට තව ඇත්තේ සුලුපටු කාලයක් නම් නොවේ. ඒ සඳහා තවත් කල්ප ගනනක් ගත වන්නේය. කල්පයක් සඳහා අවුරුදු මෙපමණකැයි කිව නොහැකිය. තථාගතයන් වහන්සේ කල්පය යන්න පහදා දී ඇත්තේ මේසේය."යොදුනක්(යොදුනක් යනු සැතපුම් දහසයකි) දිග, යොදුනක් පලළ, යොදුනක් උස වන පෙට්ටියකට අබ ඇට පුරවා, අවුරුදු සියයකට වතාවක් එක් අබ ඇටය බැගින් ඉවත් කලවිට එම පෙට්ටිය අබ ඇටවලින් හිස් වීමට යම් කාලයක් ගතවන්නේද කල්පය යනු ඊටත් වඩා දීර්ඝ කාලපරිච්ඡේදයකි" යනුවෙනි.


මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේ ලොව පහලවන්නේ මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 10ට අඩුවී ඉන් බොහෝ කාලයක ඇවෑමෙන් මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 80000 ට වැඩිවූ පසුය. ඒ අරහත් වූ මෛත්‍රීය තථාගතයන් වහන්සේගේ පහළවීම පිළිබඳව අප තථාගත බුදු පියාණන් සඳහන් කර ඇත්තේ මෙලෙසය.


"එකල මෛත්‍රිය නම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි උපදින්නේය. ඒ බුදුරජානන් වහන්සේ දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත, මේ ලෝකයද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ජනයාද තමන් වහන්සේගේ උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කරන්නේය. ඒ බුදුරජානන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සර්ව සම්පූර්ණවූ බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරන්නේය. ඒ බුදුරජානන් වහන්සේ නොයෙක් සිය දහස් ගණන් භික්‍ෂු සංයා පරිහරණය කරන්නේය." 


මෙය සඳහන් වන්නේ ත්‍රිපිටක පොත් වහන්සේගේ දිඝ නිකායේ,උතුම් චක්කවත්ති සීහනාද සූත්‍ර දේශනාවේය.
ඉහත සටහන තැබූයේ කල්පය පිළිබඳවත්, මෛත්‍රී බුදුන් වහන්සේ පිළිබඳවත් කියවන ඔබට මනා අවබෝධයක් ලබාදීමේ අටියෙනි. අපි දැන් බුදු සසුන විනාශ කිරීමේ කුප්‍රකට වෑයම කුමක් දැයි විමසා බලමු.

ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ ගිහි පුද්ගලයෙකු මූලික කරගෙන පවත්වාගෙන යන ව්‍යාපාරයක් විසින් මේ අපායගාමි අකුසල් රැස්කරගනිමින් සිටී. මේ ගිහි පුද්ගලයා තමා මෛත්‍රීය බුදුන් ලෙසින් හඳුන්වනවා පමණක් නොව මොහුට අග්‍ර ශ්‍රාවකයින්ද, මොහුගේ සසුනේ මොහුගෙන් බණ අසා රහත්වූවන්ද සිටින බව කියාපායි. එපමණක් නොව මොහු පාදක කරගනිමින් පවත්වාගෙන යන වෙබ් අඩවි සහ ෆේස්බුක් ගෲප් ද පවතී. ව්‍යාජ ෆේස්බුක් ගිනුම් යොදාගෙන මේවායේ ප්‍රචාරණ කටයුතු කරගෙන කරගෙන යන බවද හෙලිවී ඇත.


පහත දැක්වෙන්නේ මොහුගෙන් බණ අසා රහත් වූ බව කියන තැනැත්තා දක්වන ලද අදහසකි


මොහුගේ තවත් විකාර අදහස් රාශියක් මොහුගේ ලිපිවලින් සොයා ගත හැකිය. මොහුගේ ලිපිවල ධර්මයෙන් උපුටාගත් කොටස් අතරට මොහුගේ විපරීත අදහස්ද යොදා ඒවා ධර්මය ලෙස උලුප්පා දැක්වීම සිදුකර තිබේ. ධර්මය අතුරුදන් වීමට/විකෘත්ති කිරීම මෙම ආකාරයෙන් කටයුතු කිරීම හේතුවන බව මේ මුග්ධ රැල දන්නා නිසා මේ අයුරින් කටයුතු කරති. 
පහත දැක්වෙන්නේ මේ රහත් යයි කියන ගිහි ජීවිත ගෙවන පුද්ගලයා දමා ඇති comment එකකි.


වැඩිදුර අධ්‍යයනය කලොත් මොවුන්ගේ තවත් විකාර බොහොමයක් ඔබට බලාගැනීමට හැකිවනු ඇති. මොවුන් විසින් පවත්වාගෙන යන තවත් වෙබ් අඩවි කිහිපයක් පහත දැක්වේ
http://www.satyagaveshi.org/
http://satyagaveshi.blogspot.com/
http://www.universalfact.org/
http://maitreyabuddhasasana.com/

මෙම ෴ Let's Explore The Truth(කිං සච්චං ගවේෂි) ෴ group එක සහ Maitreya Buddha (මෛත්‍රීය බුද්ධ) යන fan page නිර්මාණය කර පවත්වාගෙන යන Dumindu නයනජිත් சில்வா ヅනමැත්තා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවෙකි. මොහු හවස් වරුවේ ලැබ් වලට රිංගාගෙන කරන හොර වැඩ අපගේ හොඳ මිත්‍රයන් පිරිසකට අසුවී ඇත. එකම batch එකේ මිතුර මිතුරියන්ගේ නම් වලින් හොර facebook account සාදමින් සිටියදී මාගේ හොඳම මිතුරකුට හසුවුනු මොහුට ඔහු ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු දීමට දහසක් බොරු ගෙතීමට සිදුව තිබේ. පසුව අපට දැකගත හැකිවූයේ ඉහත දැක්වූ හොර ගෲප් වල මොහු එම හොර profile වලින් comment දමාගෙන ඇති ආකාරයයි. 







මේ පිළිබඳව ඉදිරියේදී තවත් තොරතුරු හෙලිදරව් කිරීමට බලාපොරොත්තු වෙමි. මොහුගේ මෙම රංගනයට හසුවූ අය ගැන ඔබ දන්නේ නම් කරුණාකර ඔවුන් එම උගුලෙන් මුදවාගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම වගකිවයුතු තැන් වලට මෙම ක්‍රියාවන් වාර්ථා කල යුතුය.


එමෙන්ම මොවුන්ගේ facebook group එක report කර මෙම විනාසය නවත්වා ගැනීමට ඔබත් දායක වන්න.

3 Response to "අවධානයෙන් සිටින්න..!!! බුදු සසුන විනාශ කිරීමේ කුප්‍රකට වෑයමක් හෙලිවේ..!!!"

  1. Anonymous says:

    මේක ඇත්තටම බොරැවක්නම් විතරක් පොලිසියට අල්ලලා දෙන්න ඕනේ

    මේක බොරුවක් කියන එක ඉතාම සරළව ඔප්පු කරල පෙන්වන්න පුලුවන්. අනාගතයේ පහළවීමට නියමිත උතුම් ශාස්තෲන් වහන්සේ නමකට නින්දා කරමින් මේ හොරු රැල නටන නාඩගම ගැන පෙනි පෙනී මේ රටේ වගකිවයුත්තන් ඇස් කන් පියාගෙන ඉන්න එක පිළිකුල් සහගතයි.
    බුද්ධත්වයට පත්වූ හෝ අරහත්වයට පත්වූ උත්තමයින් ගිහිගෙයි වාසය කරන්නේ නෑ. ඒත් මේ රැල කාම බෝගී ජීවිත ගෙවන ගමන් තමයි මේ කෙප්ප ඇදබාන්නේ.

    Anonymous says:

    තවත් හොරු ‍රැලක්

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio