දුමින්ද සිල්වා කුඩු ව්‍යාපාරිකයෙක්??


මේ දින වල ඉතා නිහඬව සිටින (නුගේගොඩ කාර්‍යාලය වසා ඇත , සුභසාදන කටයුතු නවතා ඇත.)  පාර්ලිමේන්තු නවක මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මෙසේ සිටීමට හේතුව ඔහුගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් හසුවීම නිසා බවට රාවයක් පවතී. එමෙන්ම ජනාධිපති නියෝගයෙන් එය යටපත් කල බවටද  එපමණක් නොව ජනාධිපති තුමා දුමින්ද සිල්වා මහතාට  " තමා සමග සෙල්ලම් නොකරන ලෙසට" තරයේ අවවාද කල බවටද ආරන්චි වේ.  මන්දයත් ABC broadcasting  (හිරු , ශා, ගෝල්ඩ් , සන්) රේඩියෝ නාලිකා සියල්ල  මොහු විපක්ෂයේ සිටී කාලයේ වැරදි ප්‍රවෘත්ති විකාශය කිරීමක් සම්බන්දයෙන් සීල් තැබූ අතර මොහුගේ සන්ධාන ආගමනයත් සමඟ ජනාදිපති නියෝගයෙන්ම මේව නැවත විවෘත්ත උනි.

සිරසේ චමත්කාරය කාන්තා පරපුර වනසයිද?

මේ දවස්වල දොලොස්මහේ පහනද මොකද්ද එකේ විකාශට වෙනව අමුතු විදිහෙ වැඩ සටහනක්. සෙනසුරාද උදේ තමා මේක විකාශය වෙන්නෙ මේ වැඩ සටහනේපැහැදිලි අරමුණක් නැති උනාට මේකෙන්  කාන්තා පරපුරට යම් හානියක් වෙන්න නම් පුලුවන් කියල පේන නිසා තමා මේ ගැන ටිකක් කතා කරන්න හිතුනේ.



මෙකේ තියෙන ප්‍රදානම අංගය තමයි , මෙයාල යනවා ටිකක් ලස්සන, වැඩිය සල්ලි එහෙම නැති, ඒ කිවුවේ සරලවම කිවුවොත් වැඩිය මොඩ් නැති කෙල්ලෙක් හොයාගෙන. ඊට පස්සෙ ඉතින් සති දෙකක් මෙයාව  තියාගෙන මොඩ් කරනව. මොඩ් කරනව කියල කරන්නෙ , ටික කාලයක් ප්‍රසිද්ධ වෙල හිටිඅපු බොරු සාත්තර කාරයෙක් මෙයාට ජීවිතෙ ගැන කියල දෙනව. කොටින්ම කිවුවොත් වෙන්නෙ මෙ අහින්සක කෙල්ලව මුරුන්ග අත්තෙ  උඩින්ම තියනව. කෙල්ලත් ඔලුව වන වන පිලිගන්නවනෙ.

උසස්පෙළ ජීවවිද්‍යා ප්‍රශ්ණ පත්‍ර පිටවෙලා

අපොස උසස්පෙළ ජීවවිද්‍යා ප්‍රශ්ණ පත්‍ර පිටවෙලාද?


ජීවවිද්‍යා ප්‍රශ්ණපත්‍රයට පෙරදිනයේ SMS  පණිවිඩ මාර්ගයෙන් යම් යම් ප්‍රශ්ණ පිලිබඳ තොරතුරු හුවමාරු වී තිබේ. එමෙන්ම යම් යම් ප්‍රශ්ණ පිලිබඳ විස්තර කොලඹ උසස් බාලිකා විද්‍යාලයක සිසුවියන් අතර හුවමාරු වී ඇත. මෙතරම් ආරක්ෂිත යයි අධ්‍යාපන අමාත්‍යංශය පුරාජේරු කියන විභාග ප්‍රශ්ණ පත්තර පිලිබඳ මෙතරම් රහස්‍ය තොරතුරු විභාගයට පෙර සිසුන් අතට පත් වූයේ කෙසේදැයි අපි විමසා බැලිය යුතු වේ.

මීට පෙර ගුරු සංගම් වලින් මෙහි අවදානම පෙන්නුම් කලත් රජයේ මාධ්‍ය ආයතන මෙන්ම රජයද කලේ ඔවුන් හාස්‍යට ලක් කිරීම පමණි. මේ හෙලි වූ ඉතා සුළු තොරතුරක් පමණි මීට වඩා තවත් බොහෝ දේ සිදුව ඇති බවට සැකයක් නැත.

Sithuwili Radio