උසස්පෙළ ජීවවිද්‍යා ප්‍රශ්ණ පත්‍ර පිටවෙලා

අපොස උසස්පෙළ ජීවවිද්‍යා ප්‍රශ්ණ පත්‍ර පිටවෙලාද?


ජීවවිද්‍යා ප්‍රශ්ණපත්‍රයට පෙරදිනයේ SMS  පණිවිඩ මාර්ගයෙන් යම් යම් ප්‍රශ්ණ පිලිබඳ තොරතුරු හුවමාරු වී තිබේ. එමෙන්ම යම් යම් ප්‍රශ්ණ පිලිබඳ විස්තර කොලඹ උසස් බාලිකා විද්‍යාලයක සිසුවියන් අතර හුවමාරු වී ඇත. මෙතරම් ආරක්ෂිත යයි අධ්‍යාපන අමාත්‍යංශය පුරාජේරු කියන විභාග ප්‍රශ්ණ පත්තර පිලිබඳ මෙතරම් රහස්‍ය තොරතුරු විභාගයට පෙර සිසුන් අතට පත් වූයේ කෙසේදැයි අපි විමසා බැලිය යුතු වේ.

මීට පෙර ගුරු සංගම් වලින් මෙහි අවදානම පෙන්නුම් කලත් රජයේ මාධ්‍ය ආයතන මෙන්ම රජයද කලේ ඔවුන් හාස්‍යට ලක් කිරීම පමණි. මේ හෙලි වූ ඉතා සුළු තොරතුරක් පමණි මීට වඩා තවත් බොහෝ දේ සිදුව ඇති බවට සැකයක් නැත.





සිසුවෙක් වසර 13ක පාසල් අධ්‍යාපන කාලය අවසන් කරමින් පාසල් ජීවිතයේ අවසාන කඩ ඉම පසු කරන මෙවැනි අවස්තාවක මෙලෙස කටයුතු ලිරීම ඉතා කණගා‍ටුදායක තත්වයකි.

කෙසේ වෙතත් මෙහි දෙපැත්තක් තිබේ ,
කෙසේ හෝ ප්‍රශ්ණපත්‍ර පිටවූවත් එක එසේ නොවූ බව පවසමින් එය හාස්‍යට ලක් කිරීමෙන් සිදුවූ සුබවාදී කරුණක්ද තිබේ. මක්දයත් එසේ ප්‍රශ්ණපත්‍ර පිටවූ බව ඇසූ සැනින් සිසු සිසුවියන්ගේ මානසිකත්වය බිංදුවට වැටීම සාමාන්‍ය දෙයකි. එය අත්දැකීමෙන්ද බොහෝ දෙනා දන්න දෙයකි.එහෙත් මෙසේ එය පිට නොවූ බවට (බොරුවක් උවත්) තහවුරු කිරීමෙන් සිසුන්ගේ මානසිකත්වය නම් ‍රැකිනි. කෙසේ වෙතත් එය අගයකල යුතුය.

ඒ අතරම රටම පිලිගන්නා විභාගයක මෙවන් දේ නැවත සිදුවීම වැලැක්වීමට බලධාරීන් කටයුතු කල යුතු වේ.

1 Response to "උසස්පෙළ ජීවවිද්‍යා ප්‍රශ්ණ පත්‍ර පිටවෙලා"

  1. ගිය අවුරුද්දේ ඇහැ කන පියන් හිටි හැටියට ඕවා මොනවද........ අපිත් නොදැක්ක වගේ ඉන්නයි තියෙන්නේ........

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio