සිරසේ චමත්කාරය කාන්තා පරපුර වනසයිද?

මේ දවස්වල දොලොස්මහේ පහනද මොකද්ද එකේ විකාශට වෙනව අමුතු විදිහෙ වැඩ සටහනක්. සෙනසුරාද උදේ තමා මේක විකාශය වෙන්නෙ මේ වැඩ සටහනේපැහැදිලි අරමුණක් නැති උනාට මේකෙන්  කාන්තා පරපුරට යම් හානියක් වෙන්න නම් පුලුවන් කියල පේන නිසා තමා මේ ගැන ටිකක් කතා කරන්න හිතුනේ.



මෙකේ තියෙන ප්‍රදානම අංගය තමයි , මෙයාල යනවා ටිකක් ලස්සන, වැඩිය සල්ලි එහෙම නැති, ඒ කිවුවේ සරලවම කිවුවොත් වැඩිය මොඩ් නැති කෙල්ලෙක් හොයාගෙන. ඊට පස්සෙ ඉතින් සති දෙකක් මෙයාව  තියාගෙන මොඩ් කරනව. මොඩ් කරනව කියල කරන්නෙ , ටික කාලයක් ප්‍රසිද්ධ වෙල හිටිඅපු බොරු සාත්තර කාරයෙක් මෙයාට ජීවිතෙ ගැන කියල දෙනව. කොටින්ම කිවුවොත් වෙන්නෙ මෙ අහින්සක කෙල්ලව මුරුන්ග අත්තෙ  උඩින්ම තියනව. කෙල්ලත් ඔලුව වන වන පිලිගන්නවනෙ.







ඔන්න ඊට පස්සෙ කරන්නෙ මේයාව සැලොන් එකකට එක්කන් යනවා එකත් පොඩි අඩ්වර්ටීස්මන්ට්  එකක්. එක දන්නො දනිති. එකට ගියම ඉතින් මෙ කෙල්ලගෙ අඩු පඩු පෙන්න්න පෙන්න එයා එච්චර ලස්සන නැ කියල ඔප්පු කරනව. ඊට පසෙ ඉතින් මෙයාට ෆේශල් කරලා, කොන්ඩෙ කපල ස්ට්‍රේට් කරල ගන්නව. තව ඉතින්  ඔන්න අඳුම් කඩෙකට ගිහින් හොඳට අඟ පසඟ පේන ( අඟ පසඟ තිබුනත් නැතත්) අඳුමක් එහෙම අරගන්නව. ඊට පස්සෙ ඉතින් ඔන්න සති දෙකකට පස්සෙ වැඩ සටහනට එනවා. එනකොට ඉතින් දන්නවනෙ මේකප් නාලා තම එන්නෙ. ඉතින් එ කෙල්ල වගේම එක බලන් ඉන්න මිනිස්සුත් හිතනව ශා ඇත්තමයිනෙ කොච්චර වෙනස් කරලද කියල.

අහින්සක දුප්පත් පවුලක  කෙල්ලෙක් අරන් ගිහින් එ කෙල්ලගෙ ලජ්ජ බය නැති කරල ඒ කෙල්ල වෙලඳ භාණ්ඩයක් කරගන්න එකටද මේ චමත්කාරය කියන්නෙ..??? මේ කෙල්ල දන්නෙ නැ එ කෙල්ල සිරසට එකම එක වෙලඳ භාණ්ඩයක්, කොටින්ම කිවුවොත් බඩුවක් කියල.

අනිත් එක තමයි ඔය අතරෙ එක එක නිරූපිකාවොන්ට මොකක්හරි බාගෙට පේන අඳුමක් අන්දල පෙන්නල කියනව මේක තමයි අලුත්ම ට්‍රේන්ඩ් එක කියල. අනේ ඉතින් මේ අපේ එවුනුත් මෙවා බල බල ඔය අඩ නිරුවත් ඇඳුම් අඳින්න ගන්න එක තමා දුක.

ජීවිතේ චමත්කාරය කියන්නේ මේ වගේ කොන්ඩෙ ස්ට්‍රේට් කරල අඩනිරුවත් ඇඳුමක් ඇඳල මේකප් කරගෙන කුරුඳුවත්ත සංස්කෘතිය පස්සෙ යන එක නෙමෙයි. ජීවිතේ තමුන්ට ලැබෙන දේ වලින් සතු‍ටු වෙලා, සරල දිවි පැවැත්මකට හුරු වෙන එකයි. ඔනවට වඩා ඕනම දෙයක් ඔනෙම නෑ කියනවනෙ.  අනිත් එක රූපවාහිනී නාලිකාවක් උනාම තමුන්ගෙ දැක්මක් තියෙන්න ඔනේ. ඒ දැක්ම ප්‍රේක්ශක ජනතාවගේ සුභසිද්දිය සඳහා වෙන්නත් ඔනේ. කාන්තාවෝ  කියන්නේ පේමන්ට් එකේ විකුනන සෙල්ලම් බඩු නෙමෙයි කියන එකත් තෙරුම් ගන්න ඔනේ.

14 Response to "සිරසේ චමත්කාරය කාන්තා පරපුර වනසයිද?"

  1. කොයි චැනල් එකත් කොරන්නෙ ඕකම නෙව...කට්ටියක් කඩේ යනවා.....තවත් අය මළමිනී විකුනාගෙන කනවා.....මාකට් කිරිල්ල තමා ඔක්කොමල්ල කොරන්නේ.....:(

    Unknown says:

    මාකට් කලාට නම් කමක් නෑ කැමැත්තෙන් මාකට් වෙන අයව. මේක කරන්නේ තමුන් දන්නෙත් නෑ මකට් වෙලා කියල.

    මට හිතාගන්න බෑ මේ ගොබ්බ සේනලාට මොකක්ද කියන්නේ කියලා! ඔය වැඩසටහන් කරන අයට අක්කලා නංගිලා එහෙම නැතුව ඇති. නැත්නම් තවත් ගැහැණු කෙනෙක් ඔය තත්වයට පත් කරයිද!!!.
    මේකනේ ඕවා බලන්න සෙවලයොත් ඉන්න නිසා තමයි ඔය "ට්‍රෙන්ඩ්" එකද මොකක්ද එකක් කියලා කිය කියා ඕව පවත්වාගෙන යන්නෙ.

    දැන් තියන චැනල් ඔක්කොම එකයි. වාණිජකරණය වීමේ සීමාවක් නෑ. හොඳම වැඩේ ඇඟේ ලේ රත් කරගන්නෙ නැතුව පුලුවන් තරම් ඔය චැනල් වලින් ඈත්වෙලා ඉන්න එක.

    Unknown says:

    @kanishka -කතාව ඇත්ත සහෝ ඒත් ලන්කාවේ මොඩ කෙල්ලො මෙව දැකල අමාරුවෙ වැටෙනව බලන්න අකමැති නිසා තමා මේවට විරුද්ධව කතා කරන්නේ.

    @ $hine
    ඇත්ත සහෝ ඔයාගේ කතාව පිලිගන්නවා.! මේවට කිසියම් විරෝධයක් තියෙන්න ඕන අනිවාර්‍යයෙන්ම. නැත්නම් මේ පිංගුත්තරයන් තව තව ෆෝර්ම් වෙනවා.
    බඩගෝස්තරේ රැකගන්න තමයි ඔය ගොයියලා ඕවා කරන්නේ. ඒත් ප්‍රශ්නෙ ඕවයින් හම්බකරන දේවල් වලින් යාදෙනවද කියන එක!

    Unknown says:

    @ kanishka- මොන යාදෙනවද එක තමා එක පාරක් ඕක ගින්නෙන් විනාස උනේ..... බුදු හාමුදුරුවො කියල තියෙනවනෙ හොඳ දේවල් කරන අයට ගින්නෙන් සතුරන්ගෙන් කරදර වෙන්නෙ නෑ කියල.... ඒ උනත් මුන්ව ආරක්ෂා කලේ නෑ. මොකද මුන් ඔක්කොම බොරුව තියෙන්නෙ

    ඇත්ත ඇත්ත..
    කරන අමන කම් මදිවට තව තව මාධ්‍ය නිදහස ඉල්ලනවා!. කරන්න ඕන ඔය සම්බන්දව තව තව නිදහස කප්පාදු කරන එක. තව නිදහස දුන්නොත් මේ මාධ්‍ය නඩය ඔතනින් එහාටත් ගිහින් තව තව සෙල්ලම් පෙන්නනවා.

    Unknown says:

    හ්ම්ම්ම්.... ඇත්ත කතාව

    Unknown says:

    කෙල්ලොන්ගෙත් ගොන් කම,නැත්තම් ඉතින් ඕවට යයිද?

    බලෙන් අරන් යනවයෙ බන්... අපේ ගොන් හැත්ත යනවනේ ඕවට. ඉතින් සිරස කියන්නේ බිස්නස් එකක්.. උන් විකුනන්නේ ඕවා. අපේ උන් විකිනෙනෙවා.

    කාගෙ වරදද...

    අරක්කු විකුනනවා කියල බාර් එකට බැනල මොකටද බන්... උන් විකුනන්නේ අපි ගන්න හින්දනේ.

    Unknown says:

    meka e nalikawe waradda wagema...........girlgeth waradda....thamun dagana oni thaman inna ona widiya.....kohomahari ratata yanna kaladawasa meken penawa,,,,girls la kiyanne rate anagathe......

    Anonymous says:

    සිරස කලොත් කරන්නෙ කලකන්නි වැඩක්.
    ස්ටාර් බිස්නස් එකෙන් මිනිස්සු ගොනට අන්දල බර ගනක් හම්බ කලර එ සල්ලි වලින් කරපු දේවල් රටම දන්නවනෙ..
    විලිසන්ගෙ නැති ගෑනු මිනිස්සු මරුකරන හැටි, ගෙදර හැමටම වඩිවෙලා බලන්න බරි ටෙලි පෙන්වමින් තවමත් රටෙ අනාගතෙ බරගන්න ඉන්න අයගෙ ඔලු කනව
    "සිරස කනව" .මෙක ගන රටෙ අනගතයට අදරය කරන අය කත කරන්න ඔනෙ,අනික් අතට , මිනිස්සුන්ට උගන්න්වන්න ඔනෙ ඔයවගෙ බල වඩ කරල වඩක් නැහැ කියල..
    suu

    Anonymous says:

    okkama sirasen tama kopi kale.ewata moko kiyanne

    Anonymous says:

    mulun karapu ekata mulin banina oni !!!

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio