අංක එකේ නාලිකාව ජාතික නාලිකාවද ? පවුලේ නාලිකාවද?

http://www.lankavision.com/images/itn.gif
අද වන විට තිබෙන නාලිකා සියල්ලම පාහේ තමුන් අංක එක බවට පවසිමින් තමන්වම  මුරුංගා අත්තේ තැබීමට පටන්ගෙන තිබේ. ඒ අතරින් ඉතා හාස්‍යජනකම අවස්තාව වන්නේ ස්වාධීන රූපවාහිනිය අංක එක යැයි කියා ගැනීමයි. පෙරපාසල් දරුවෙක් වත් ඔය බොරුව පිලිගන්නේ නැත. බොහෝ නිවෙස් වල ස්වාධීන(යයි තමුන්ම කියාගන්නා) රූපවාහිනිය සුසර කරන්නේද නැත. මන්ද යත් එය සුසර කරන්නට ගත කරන කාලයද අපතේ යන බැවිනි. ලංකාවේ පළමු නාලිකාව මෙන්ම  රාජ්‍ය නාලිකාවක් බැවින්ද අද වන විට මෙය ඉතා සාර්තක නාලිකාවක් විය යුතුය. එහෙත් එය එසේ නොවීමට හේතුව කුමක්ද? මදක් සිතා බැලිය යුතුය මන්දයත් පාඩු විඳිමින් ITN එක වියදම් කරන්නේ ජනතාවගේ මුදල් බැවිනි.
ඡන්ද කාලයේ කඩේ යාමේ  මහගෙදර ලෙස කටයුතු කරමින් ජාතික රූපවාහිනිය සමඟ කරට කර සටනක් දුන් ITN එක අද වන විටද එහි වෙනසක් නොකරමින් දිගටම කඩේ යාමින් සිටී.



මොවුන් මහා ලොකුවට කතාකරන්නේ ටෙලිනාට්‍ය දෙක තුනක් ජනප්‍රිය වීම නිසාය. ඔවුන් සිතා සිටින්නේ ඔය ටෙලිනාට්‍ය දෙක තුන නිසා ප්‍රේක්ශක ජනතාව ITN එකට වශී වී ඇතැයි සිතාය. මෙයට සමානයක් ලැබිය යුතු නම් ඒ ලැබිය යුත්තේ "වසරේ බංකොලොත්ම නාලිකාව" ලෙසය. උදාහරණයක් ලෙස හඬ කැවීම් අංශය ගෙන බලමු. විකාශය වන හඬ කැවූ වැඩසටහන් අතරින් ඉතාම දුර්වල ලෙස මෙන්ම බංකොලොත් ලෙස හඬ කැවීම් සිදු වන්නේ ස්වාධීන රූපවාහිනියේඑය. (ජාතික රූපවාහිනියත් ඊට දෙවනි නොවේ)

තවත් හොඳම උදාහරණයක් නම් "තුලාවයි" එම තුලාවෙහි සමබර කම ගැන නම් කතාකර වැඩක් නැත. එය ඇත්තවශයෙන්ම ඉලෙක්ට්‍රොනික් තුලාවකි.

එමෙන්ම රූපවාහිනියද ඊට නොදෙවනි තරඟයක් ලබා දේ.



 http://www.lankatopten.com/images/Rupavahini_Corporation.gif
ඊට හොඳම උදාහරනය නම් IIFA සම්මාන උළෙලයි. උත්සවයට පෙර ඉතා උජාරුවෙන් තමා මෙහි මාධ්‍ය අනුග්‍රාහක යයි  පැවසු රූපවාහිනියට අඩුම වශයෙන් සංස්කරණ කටයුතුවත් නොලැබිනි. එය විකාශය කිරීමටද සැහෙන්න කාලයක් බලා සිටීමට සිදු විය. එයද ඉතා බංකොලොත් විකාශයක් විය. හින්දි භාෂාවෙන් විකාශය වූ  IIFA වැඩසටහෙනෙහි උපසි‍රැසි වත් නොවීය. එමෙන්ම වැඩසටහනෙන් වැඩි ප්‍රාමණයක් දැන්වීම් වලින් පිරවීමටද කටයුතු කර තිබිනි. කෙසේ වෙතත් IIFAA හා FIFA වලට පින් සිද්ද වෙන්න රූපවාහිනිය නම් ලකුනු ටිකක් දාගත්තේය. එය ඔවුන් කියන්නේ ඉතා උජාරුවෙනි. කෙසේ  වෙතත් මෙය ලංකාවේ පමණක් සිදුවූවක් නොවන අතර ලොව පුරා FIFA විකාශය වූ සෑම නාලීකාවක්ම පාහේ ලෝක වාර්තා තබා ඇත.

එසේනම් ජනතාවගෙ මුදල් නාස්ති කරමින් පන්ඩිතකම් දොඩවන ස්වාධීන (යයි කියාගන්නා) රූපවාහිනියද , ජාතික නාලිකාවද බන්කොලොත් වීමට හේතුව ඔවුන් විසින්ම සොයා බැලුවා නම් කවදා හෝ සත්‍ය වශයෙන්ම පවුලේ නාලිකාව වීමට හැකියාවකි ලැබෙනු ඇත..

7 Response to "අංක එකේ නාලිකාව ජාතික නාලිකාවද ? පවුලේ නාලිකාවද?"

  1. FIFA එකත් හරියට පෙන්නුවයැ.දවසට එක මැච් එකනෙ පෙන්නුවෙ.අඩුගානෙ තර්ඩ් ප්ලේස් මැච් එකවත් පෙන්නුවෙ නෑ......

    අපෝ ඔය චැනල් දෙක ගැනනම් කියල වැඩක් නෑ. ඕව බලනවට අපට සල්ලි ගෙවන්න ඕන.

    අපි නම් ඉතින් බලන්නේ ශ්‍රී ලාංකීය අභිමානය තමා... :)

    ඔය දෙකම ඉතින් ඉන්න රජයට කඩේ යන එකනේ කරන්නේ... මම නම් ලංකාවෙ ඉන්න කාලෙ බැලුවෙම නැහ ඔව්වා... ( තේරෙන කාලේ ඉදන්... පොඩිම කාලෙ නම් වෙන එව්ව තිබ්බෙත් නැහනේ. )

    Anonymous says:

    ewata wada sirasa hoda

    Anonymous says:

    me channel deke inne mokkuda kiyala hithenawa.....

    Anonymous says:

    කඩෙ යන චැනල් ගැන කිව්ව එකේ සිරස ගැනත් කියන්නකො මල්ලි, ITN රූපවාහිනි ආන්ඩුවට කඩෙ යද්දි සිරස එහෙම්පිටින්ම විපක්ශෙට කඩෙ යන්නෙ, ඒ ගැනත් කිව්වනම් තමයි හොඳ..

    -Chamikara

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio