රත්මලානේ මහරාජාගේ සිරස කුණු ගොඩ


මීට වසර කිහිපයකට කලින් රාජ්‍ය නාලිකා තමුන්ගෙ බූදලයක් වගේ තියන් හිටිය ප්‍රවෘත්ති විකාශ වෙනස් කරන්න සිරස මුල් උනා කිව්වොත් හරි.  "සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට" කියලා තමයි ඔන්න ඉතින් ඔය නිව්ස් ෆස්ට් කියන එක පටන් ගන්නෙ. රාජ්‍ය මාධ්‍ය පොර ටෝක් දුන්නට ඔය නමට ටිකක් බය උනා. ජාතික රූපවාහිනිය එහෙම මාස්ටර් ප්ලෑන් හැදුවා නිව්ස් ෆස්ට් වෙන්න. කොහොම කොහොමහරි "විමර්ශණ" කොටසෙන් සිරස හැමදාම කොහෙ හරි අඩු පාඩුවක් හොයාගෙන පෙන්නලා පට්ට කට්ටක් කාලා නිව්ස් ටීම් එක සෑහෙන්න මහන්සි වෙලා ලන්කාවෙ අන්ක එකේ ප්‍රවෘත්ති විකාශය සිරස නිව්ස් ෆස්ට් කරගත්තා. බොහොම ටික කාලෙකින් සත්‍යයේ ප්‍රතිමූර්තිය විදිහට මිනිස්සු සිරස විශ්වාස කලා. සිරස කිව්වොත් ඉර පායන්නෙ බස්නාහිරින් කියලා ඒකත් අපේ උන් විශ්වාස කරන තරම්. ටිකෙන් ටික සිරස නිව්ස් ෆස්ට් වටා රොද බැඳුනු කට්ටිය වැඩි වෙලා තමුන්ට ප්‍රේක්ෂක බලය ගොඩනැගෙනකොට තමයි සිරස මිනිස්සුන්ගෙ ඔලු පාලනය කරන්න පටන් ගන්නෙ.ස්පෝර්ට් ෆස්ට් , අරක ෆස්ට් මේක ෆස්ට් කියාගෙන අන්තිමට රටේ හැම මඟුලටම ඔය ෆස්ට් කෑල්ල අන්තිමට දාගෙන ඇඟිලි ගහන්න ගත්තා.

මාධ්‍යයක වගකීම මොකද්ද? මාධ්‍යයකට රටක් ඇතුලෙ තියෙන භූමිකාව මොකක්ද? සිරස ඒකෙන් පිට පැනලා නේද මේ උඩ යන්නෙ. අපේ මිනිස්සුන්ට ඒක තේරෙන්නෙ නෑ. ඒකට හේතුව සිරස මිනිස්සුන්ගෙ ඔලු විනාස කලා. සිරස කියන දේ හරි කියන තැනට මිනිස්සු ඔක්කොම අන්ධ කලා. ඒකට ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් නාට්‍යයත් මූලික උනා. මොකද සිරස හැම මඟුලටම පනිද්දි ඊට දෙවනි නොවී වැසිකිලි වලේ ඉඳලා හැම දේටම ස්වර්ණවාහිනියත් මොකාක්හරි අකුරු හතරක් පහක් ගලපගෙන නමක් දාගෙන පනින්න ගත්තා. ඉතින් සිරස මේ ගොබ්බ මාධ්‍ය සන්ස්කෘතිය ඇතුලෙ තනි උනේ නෑ. දැන් සිරස මුලින් කියපු "සටත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට" තේමාවට මොකද වෙලා තියෙන්නෙ?

දැන් ක්‍රියාත්මක වෙන්නෙ " අපේ සටහන , අපේ විමසුමට" ප්‍රවෘත්තියත් සිරසම කියලා ඒක ගැන විමර්ශනයත් කරලා, ඒකෙ හරි වැරැද්දත් තෝරලා ඊලඟට අපිටත් අණ දීලා තමා දැන් නවතින්නෙ. ලන්කාවේ ක්‍රිකට් (ක්‍රීඩාව) ඇත්තටම දූෂිතයි. ඒක ඇත්ත ඒත් සිරසට මොකද්ද තියෙන අයිතිය ඒකට කෙලින්ම මැදිහත් වෙලා රාජ්‍ය ආයතනයක තීරණ වලට මැදිහත් වෙන්න. ඊට පස්සෙ දැන් එක්සත් ජාතික පක්ෂෙ අල්ලගෙන, ඉස්සර ලෙවකාගෙන හිටිය සිරසට දැන් රනිල් ලොක්කා එපා වෙලා. මේකට පැහැදිලි හේතුවක් තියන්නම ඕනෙ. මාධ්‍ය භූමිකාවෙ කොහොමටවත් මෙහෙම රටේ දෙවනි පක්ෂයෙ තීරණ වලට මැදිහත් වෙන්න අයිතියක් නෑ. ඊටත් නායකත්ව වෙනසකට අත පොවවන්න කිසිම අයිතියක් නෑ. එයින් නැවතුනා නම් කමක් නෑ ඊයෙ මන්ගල ගැනත් විනිශ්යයක් දුනනා. මන්ගල නම් සැබැවින්ම කොටලුවෙක් ඒකෙ තර්කයක් නෑ. ඒත් රටක පෞද්ගලික මාධ්‍යකට තියෙන අයිතිය මොකක්ද රටේ මිනිස්සුන්ගෙ චන්දෙන් රටේ පාලනයට තේරුන පුද්ගලයෙක් ගැන තීන්දු තීරණ දෙන්න. මේ අත පොවන්නෙ රටේ මිනිස්සුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදයට. මාධ්‍යකට තියෙන වගකීම තමයි රටේ සිද්ධවෙන අසාධාරනයක් පෙන්නලා දෙන එක. ලන්කාවේ චැනල් 4 වෙන්න දඟලන සිරස තමුන්ගෙ මේ සදාචාරයක් නැති මාධ්‍යකරණය වෙනස් කරගත යුතුයි. අද රටේ මාධ්‍ය සදාචාරය බින්දුවට වැටිලා. දැන් අපේ රටේ මාධ්‍ය ඉන්නෙ මිනිස්සු අල්ලගන්න පුලුවන් නම් ඕන තුට්ටු දෙකේ අසික්කිත වැඩක් කරන්න පුලුවන් මට්ටමක.

රටේ මාධ්‍ය සදාචාරය රැකගන්න ඕනෙ මොකද සිරස එදා පුන්චිට පටන් ගත්තු විනාසය දැන් හොඳටම ලොකු වෙලා. එන්න එන්න සදාචාරය නැති වෙනවා මිසක් ඇති වෙන්නෙ නෑ. මත්ද්‍රව්‍ය පෙන්නන්න එපා කිවුවම සිරස කරන්නෙ කොටු කොටු දාලා "මත්ද්‍රවය හා දුම් වැටි......හේතුවන්" කියලා දාලා පුන්චි උන් ඇතුලෙ කුතුහලය වැඩි කරන එකයි. සිරස හරිද වැරදිද? තීරණය ඔබ අතේ. 

5 Response to "රත්මලානේ මහරාජාගේ සිරස කුණු ගොඩ"

  1. Anonymous says:

    I love Sirasa

    Anonymous says:

    Sirasa hodayi habyi tikayi

    සහෝ සිරස වෙලාවකට නරකයි කියලායි තවත් වෙලාවකට හොදයි කියලාත් කියන්නේ රටේ ම්නිස්සුමයි.මේ කාලයේ සිරසේ ඇතැම් දේවල් අපේ රටට ගැලපෙනවාද කියලා වෙලාවකට හිතෙනවා.කොල්ලෝ කාලේ පට්ට ආතල් දේවල් ඌ තාත්තා කෙනෙක් උනාම ටිකක් බැහැර කරනවානේ.ඉතින් එවාගේ තමා සිරසේ සමහර දේවල් අපිට වෙලාවකට ආතල් තවත් වෙලාවකට පීච්චන්නේ.මොනවා උනත් සිරසේ සමහර දේවල් නිසා තමා රට කන්නෝ හීමිහිට කන්නේ.නැත්තම් මෙලාකට ආශ්චර්ය බලාගන්න තිබුනා නොවේද?

    යෝධයා says:

    හරි විදියට ඕක දකින්න ඕනෙ පාට කන්නාඩි ගලවල. සිරස කියන්නෙ මුල ඉඳලම කොටින්ට කඩේ ගිය නාලිකාවක්. රනිල් කොටි නලවනකොට ඒකට හූමිටි තිබේබෙ සිරස. මුල ඉඳලම කලේ මධ්‍යස්ත පුවත් නෙවී. දේශපානල පක්ෂ කෙටවීමක්. ඒඅතර අපේ රට ලෝකෙ තියන ජරාම රටක් කියල හංවඩු ගහන්න ලෝකෙ නැති හැම දහජරා පුවතකටම “ශ්‍රී ලංකවේ“ කියල පටන් අරන් පුවත් කියන්න පටන් ගත්තෙ අර සත් පත්තිනි අම්මල වගේ ඉන්න චේතනාලගෙ ඉඳන් තමා!!!

    මේකත් පක්ෂග්‍රාහීව බලන්නේ නැතුව මේ භල ලෝභයෙන් පක්ෂ කොටවලා රට අවුල් කරන්න හදන සිරස

    අදුනාගන්න

    අවසන් අවස්ථාවයි.

    අපේ රටේ ස්වාධිනයි කියන්න මාධ්‍ය නෑ.කව්රු කාටහරි කඩේ යනවා.දැන් සිරසේ උන් කඩේ යන පැත්ත මාරුකරලා ඒකයි වෙනස...

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio