අරාබිය - ඩැඩී (Arabiya - Daddy)

ටික කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි උනා ..ඔන්න ඉතින් මන් අද කතා කරන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක් ගැන .. ඒ අපේ ප්‍රවීන ගායකයෙක් වන සුනිල් පෙරේරා මහත්තයාගේ පුතා ගයාන්ලාගේ ඩැඩී සංගීත කණ්ඩායමේ දෙවනි මියුසික් ඇල්බම් එක මේ ලඟදි එළිදැක් උනා... අහපු නැති අය ඉන්නවා නම් පහල ලින්ක් එකක් ඇති බාගෙන අහන්න ..
Download Arabiya full Album
සරා සිහින ඇල්බම් එකට පස්සෙ ටිකක් හිතට වැදුනු ඇල්බම් එකක් මේක . මොකද හැමෝම කරන පරිගනක මියුසික් අතරේ සජීවීව ගායනා කරන්න පුලුවන් සින්දු ටිකක් ඩැඩීලාගෙන් හැදිල තියෙනවා. ඩැඩීලාගේ අගය කලයුතුම කරුණ තමයි ඒක.

අරාබිය කියන පලවෙනි ගීතයම ටිකක් වෙනස් ආරකට ගැයෙන ගීතයක් . කතා වහරත් එක්කම කියවෙන ගීතය ඇත්තටම හොඳ වෙනසක්. කොහොම උනත් සාමන්‍ය කොල්ලෙකුට වෙන්න පුලුවන් සාමාන්‍ය සිදිධියක්. යාලුවො අතරෙ වෙන කතා බහකට සමානයි. බොලඳ නිසා ගීතයත් ඇත්තටම හිතට වදින ගීතයක් මොකද කලින් ගීතය වගේම මේ ගීතයත් සාමාන්‍ය මිනිහෙකුට ඇති වෙන හැඟීමක්  දෙවැනිද මගේ ආදරේ ගීතයත් පද රචනා ඇත්තටම ලස්සනයි ඒත් ඇඟට දැනෙන ගතිය අඩුයි.  කිවුවා බොරුවක් ගීතයත් අර කලින් බොරුකාරි වගේම ටිකක් ‍රැඩිකල් පද රචනාවක් සමඟම ටිකක් අමුතු සින්දුවක්. මා හා ගීතයත් ආදරේ ගැන ලියවෙච්ච හොඳ ගීතයක්. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ ඒකත් අර කලින් කියපු එක වගේම හිතට දැනෙනව අඩුයි ටිකක්. රෑ පුරා, රෑක, තවත් කෙනෙක්,යන්න යන්න , යෞවනයේ හැඟුමන් කියන ගීත ඔක්කොම  ගොඩක් හොඳ හිතට වදින ගීත මොකද ගීතයකින් බලපොරොත්තු වෙන්න ඕනේ රසවින්දනයනේ අන්න ඒ දේ උපරිමයටම තියෙන සින්දු ටිකක්. යෞවනයේ නම් ටිකක් පරන සින්දුවක් ඒත් සමස්තයක් වශයෙන් මේ කාලයේ එන සංගීත ශිල්පීන් කියාගත්තු බිස්නස් කාරයන්ට වඩා ඩැඩීලා අගය කල යුතු නිර්මාණ ‍රැසක් කරල තියෙනවා. දැන් එක සින්දුවක් කරල ප්‍රසිදිධ උන ගමන් කියන්නෙ අහ්හ් මගේ ඇල්බම් එක ලඟදිම එනවා කියල අන්තිමට ඇල්බම් එක සල්ලි දීල ගන්න මිනිස්සු ඒ අයගේ පරම්පරාවම මතක් කරනවා මොකද අහන්න පුලුවන් සින්දු තියෙන්නෙ එකයි නැත්තන් දෙකයි. ඒ වගේ උදාහරණ නම් අනන්තවත් ලඟදි දකින්න ලැබුනා. බොහෝ විට පියා ප්‍රවීණ ගායකයෙක් නිසා ලැබෙන අවවාද ඔවුන්ගේ සාර්තකත්වයේ රහස විදිහට හිතන්නට පුලුවන්. එක සින්දුවක් හිට් උනාම ඉන්ටර්නැශනල් උන හදාගන්නෙ නැතුව ඊට කලින් ලංකාවේ තැනක් හදාගන්නවා නම් ඉන්ටර්නැශනල් මාර්කට් මෙහෙට ගෙන්න ගන්න එක අමාරු නෑ.

2 Response to "අරාබිය - ඩැඩී (Arabiya - Daddy)"

  1. Anonymous says:

    ai me albem free download karanna denne??? artist kenek eka sinduwak karanna kochchara mahansiwenawa kochchara salli wiyadam karanawada?? mewa baluweda..

    Anonymous says:

    ow ban. Ape lankawe artist kenektawath udawwak karanna oone neda???? E minissu nikan kahanawata mewa karanne naane. E ayath jeewath wenna oone neda?? Ape lankaawe minissuta ithin hama deyakma nikanma oonene!!!!

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio