දේශපාලන බබාලන්තය හා පබාගේ බබා පාට් එක


දැන් අපේ රටේ දේශපාලන බබාලන්තය කනපිට හැරවී ඇත, එය කෙසේ උනාද කියන එක නම් බොහෝ දෙනෙක්ට වගේම මටත් හිතාගන්න අමාරුයි. නමුත් මේ සියල්ලම පි‍ටුපස ඉන්නේ කවුද කියා සිතා ගැනීම නම් අපහසු නොවේ. ඒ වෙන කෞරුත් නොවේ අපේ ජනාධිපති බබා හෙවත් අපේ මහින්ද මාමාය. ජනාධිපති බබා අපේ බබාලන්තය කනපිට හරවා ඇත. මුලින් පු‍ටුව කැලයට දමා බුලත් කොලයක් ගෙනාවේය, දැනට වසර 59ක් වන නිදහස් පක්ෂයේ මුල් සෙලවී ගොස් ඇත. බලයට පත්වී ලංගම කහ කුරුල්ලෝ රතු පාට කලේය. මත්පැන් දුම්වැටි දැන්වීම් සහිත දැවැන්ත පුවරු ගැලවිනි. සීනුවේ යට කෑල්ල ගලවාගෙන රතු බබාලා දික්කසාද කලේය. විපක්ෂ බබාලාගේත් බාගයක් විපක්ෂයටත් නොදැනීම ගලවාගත්තේය. විපක්ෂයේ දළ ඇත්තු දැන් මහින්ද මාමා ලඟ දණ ගසා පූස් පැටවු වී ඇත.
එමෙන්ම පසුගිය ඡන්දයෙන් බබා කතා කියන්මින් බබෙකු සේ හැසිරුනු අපේ පබා නංගිත් ඊයේ අපේ අහින්ද මාමා ලඟ පූස් පැටියෙක් වගේ සිටියේය. මේවා දැක්කම ඉතින් ජනතා බබාලා අනිත් පැත්තෙන් හිනා වෙනු ඇත.

මහින්ද මාමාගේ තේ එක බොහෝ දෙනාගේ කතා බහට ලක්ව ඇත. ඔය තේ එක බිපූ බොහෝ දෙනා ජනාධිපති බබාට වශී වි තිබේ.( විපක්ෂ නායක බබාටද සෙල්ලම් කාර් එකක් දුන්නනෙ මහින්ද මාමා දැන් එයා ඒකෙන් සෙල්ලම් කරනව මෙලෝ සිහියක් නෑනෙ.) ලොකුම විහිලුව වී තිබෙන්නේ මෙතෙක් කල් ආණ්ඩුව දූශිතයි කිය කියා සිටි පබා නංගිත් බබා වගේ
මහින්ද මාමා ලඟට කිට්‍ටු වීමයි. බොහෝ විට අලුතින් මෙවර බබාලන්තයට ආ මන්ත්‍රී බබාලා නොහොත් අලි පැටවු වශී කර ගැනීමට මහින්ද මාමාටත් වඩා මාමගේ පුතා අපේ ගමේ මල , අපේ මල රටේ මල කියල කියපු නාමල් බබා දක්ෂතා පෙන්නනවනු ලබයි.

දැන් ඉතින් රනිල් මාමට කවුද ඉන්නෙ? රෝසි අක්ක විතරයි.. මොනව කරන්නද ඉතින් වයසට යනකොට ඔහොම තමා... දයාසිරි අයියත් රනිල් මාමට මඩ ගහනව, එහෙන් සජීත් අයියා අයියෝ එක විකාරයයිනෙ. වෙලාවකට හිතෙනවා මහින්ද මාමා මාතරින් කස්ටිය ගෙනල්ල මොනා හරි විපක්ෂෙට කරලද කියල. මොනා උනත් රනිල් මාමාට ගානක් නෑ එයා එයාට හම්බෙච්ච අලුත් කාර් එක පැද පැද  ජනතා බබාලට සුරංගනා කතාවක් එහෙම කියාගෙන ඉන්නවා. අර ඉහත කියපු සීනුවෙ සද්දෙ එන කෑල්ල මේ දවස් වල සද්දෙ නෑ. මහින්ද මාම කියල කට වහන් ඉන්න නැත්තන් අර උපවාස කරපුව මතක් කරල කට්ටිය කින්ඩි දායි කියල. මේ ඔක්කොම ජරමර අස්සෙ මහින්ද මාමා තුන් වෙනි පාරටත් ජනාධිපති පු‍ටුවට රේස් එකට එන්න තමා දඟලන්නෙ. ඒකේත් බැලුවම වැ‍රැද්දක් නෑ නාමල් අයියා නාමල් මාමා වෙනකන් කවුරු හරි ජනාධිපති කෙනෙක් ඉන්නත් එපැයි.

කොහොම උනත් කමක් නෑ කවදහරි අපිට මැරෙන්න කලින් මේ බබාලන්තේ ඔය දියුනුවෙමින් පවතින බෝඩ් එක ගලවල දියුනු වෙච්ච රටක් කියන්න තියෙනවා නම්.

2 Response to "දේශපාලන බබාලන්තය හා පබාගේ බබා පාට් එක"

  1. Anonymous says:

    hama ekama ohoma thama ban

    sam says:

    රට කනවා මුන් ටික එකතු වෙලා

Post a Comment

කරුණාකර ප්‍රතිචාරයක් දැක්වීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න.

Sithuwili Radio